රට යන නිලධාරීන්ට ඩොලර් දීමනා ගෙවීම ජනපති නියෝගයෙන් යළිත් අරඹයි !

Share post:

රාජකාරි කටයුතු සඳහා විදේශගත වන රජයේ නිලධාරීන්ට ඩොලර් දීමනා ලබාදීම යළිත් ආරම්භ කර තිබේ.

ඩොලර් හිඟය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම දීමනා ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙම දීමනා ගෙවීම ආරම්භ කරන ලෙස උපදෙස් දී ඇත. එම උපදෙස් අනුව පසුගිය 20දා සිට විදේශගත වන රජයේ නිලධාරීන්ට අනියම් දීමනා, සංග්‍රහ දීමනා සහ සංයුක්ත දීමනා ගෙවීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව යම් රජයේ නිලධාරියකු රාජකාරි කටයුතු සඳහා විදේශ සංචාරයක නියැළෙන අවස්ථාවකදී අනියම් වියදම් පියවාගැනීම වෙනුවෙන් දිනකට ඇමරිකානු ඩොලර් 25 බැගින් උපරිම දින 15ක් සඳහා ගෙවීම් සිදුකෙරේ. ඉහළ නිලධාරීන් වෙනුවෙන් ඩොලර් 40 බැගින් උපරිම දින 10ක් සඳහා මෙම ගෙවීම සිදුකිරීමට නියමිත ය. එසේම ගෙවීම් අත්හිටුවා තිබූ සංයුක්ත දීමනාව සියයට 30කින් කප්පාදු කර නැවත ගෙවීම් ආරම්භ කිරීමට ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අනුමැතිය ලබා දී තිබේ.

මේ අතර යම් නිල චාරිකාවකදී එහි නායකත්වය දරන ඇමැතිවරයකුට හෝ අමාත්‍යංශ ලේකම්වරයකුට සංග්‍රහ දීමනා ගෙවන්නේ නම්, අදාළ රටේ තානාපති කාර්යාලය හරහා ඩොලර් 750ක මුදලක් ගෙවිය හැකිය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...