ඡන්දය : මැතිවරණ කොමිසම අගමැති සමග සාකච්ඡාවකට : රනිල්ට එරෙහිව නඩුවක් !

Share post:

මූල්‍ය ගැටළු විසඳාගනිමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම සහ අගමැති දිනේෂ් ගුණවර්ධන අතර මේ සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.

අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මැතිවරණ කොමිසම පාර්ශ්වයෙන් එවැනි සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ඉල්ලා ඇති බවත්, එය මේ සතිය තුළ සිදු වනු ඇති බවත් ය.

මේ අතර දෙවරක් කල්දැමීමට සිදු වූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ද මේ සතියේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් (People’s Alliance for Free and Fair Elections – PAFFREL) සංවිධානය මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් ඇමතිවරයා ලෙස මැතිවරණයට අවශ්‍ය මුදල් මුදානොහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ද නියමිත ය. පසුගිය 03දා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් මෙම මුදල් රඳවාගැනීම අත්හිටුවමින් නියෝගයක් ද නිකුත් කෙරිණි.

කැබිනට් මණ්ඩලය මගින් අදාළ මුදල් නිකුත් කිරීම වැලැක්වීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මගින් මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මගින් ද අවස්ථා කිහිපයකදී උත්සාහ දරන ලදි. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අවසාන වරට කැබිනට් මණ්ඩලය මගින් දැනුම් දෙන ලද්දේ අත්‍යවශ්‍ය සේවා සඳහා මුදල් නිකුත් කරන ලෙසත්, එසේ නොවන අවශ්‍යතා සඳහා මුදල් ඇමතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවත් ය.

මැතිවරණ කොමිසම මගින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමුකරන ලද මුදල් ඉල්ලීමේ ලිපිය සම්බන්ධයෙන් ද ලේකම්වරයා විසින් ප්‍රතිචාර දක්වා තිබුණේ ඇමතිවරයාගේ අනුමැතිය මෙතෙක් නොලැබුණු බවටයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...