ටෙස්ට් ලෝක ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයින් 11 අතරට ලංකාවෙනුත් දෙදෙනෙක්

Share post:

සුප්‍රකට විස්ඩන් සගරාව මගින් 2021 – 23 වසර වලට අදාලව ලෝක ටෙස්ට් ශූරතාවලියේ විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙකු ප්‍රකාශයට පත් කර ඇති අතර එම කණ්ඩයමට ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකුද ඇතුලත්ව ඇත.

ඒ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයිනුයි.

දිමුත් එම තරග වාරයේ තරග 12 කට සහභාගි වී ඇති අතර ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 1054 කි. ඔහුගේ ලකුණු සාමාන්‍ය 47.90, වන අතර ඔහු වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය 147 කි.

ඔහු එම තරගවාරයේ ශතක දෙකක් සහ අර්ධ ශතක 8ක් ලබාගෙන ඇත.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් තරග 10කට මුහුණු දී ලකුණු 958 ක් ලබාගෙන ඇත්තේ ලකුණු සාමාන්‍ය 68.42 අගයේ රදාවා තබා ගනිමිනි.

ඔහු වාර්තා කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 206 (නොදැවී) ක් වේ.
ඔහු ශතක දෙකක් සහ අර්ධ ශතක 5 ක් ලබාගෙන ඇත.

මේ වනවිට ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග සියල්ල අවසන් වී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර වන අවසන් මහා තරගය පමණක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබියදී ඔවුන් මෙම ක්‍රීඩකයින් 11 දෙනා නම් කර ඇත.

ඊයේ (20) ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගාවලිය නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති අතර එම තරගය ඊයේ (20) නිමා වුණේ ඊයේ ශ්‍රී ලංකාවට තරග 2 – 0 පරාජයක් අත්කර දෙමිනි.

මේ වන විට ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට ඉතිරිව ඇත්තේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර අවසන් මහා තරගය පමණි.

එම තරගය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේ දී ජූනි 7 වැනිදා ආරම්භ වීමට නියමිතවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...