වියසිදුරට සඳමානන සැන්දෑවට එකතුවන්න

Share post:

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලා විද්‍යාර්ථීන්ගේ
අවසන් නිෂ්පාදනය කාර්යය ලෙස නිර්මාණය කෙරුණු . ‘වියසිදුරු’ වෘතාන්ත චිත ්‍රපටය මාර්තු 23 දින පටන් දිවයින
පුරා ඊඒපී මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වනු ඇත.

මෙරට ජාතික විශ්වවිද්‍යාලයක සිනමා හා රූපවාහිනී මාධ්‍ය විෂය නිර්දේශයානුකූල අධ්‍යයන කාර්යයක් ලෙස
නිෂ්පාදනය කෙරුණු පළමු වෘත්තාන්ත සිනමා කෘතිය ‘වියසිදුරු’ වේ. සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා
පාඨමාලාවේ පළමු කණ්ඩායමේ පාඨමාලා විද්‍යාර්ථීන්ගේ නිර්මාණ දායකත්වයෙන් මෙන් ම ඊට සම්බන්ධිත
කථිකාචාර්ය භවතුන් ගණනාවකගේ මගපෙන්වීම, සුපරීක්ෂණය හා මූල්‍ය දායකත්වය යටතේ කැලණිය
විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය අනුග්‍රහය ද සහිතව නිෂ්පාදිත මෙම චිත්‍රපටය, එම පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණයය වී ඇත.

කලන ගුණසේකර, ශලනි තාරුකා,ධර්මප්‍රිය ඩයස්, ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිදු දොඩන්තැන්න හා සංජීව දිසානායක ප්‍රධාන රංගවේදීන් ලෙස ‘වියසිදුරු’ සඳහා දායක වී ඇත. සුසන්ත මහගල්ගමුවගේ කැමරා අධ්‍යක්ෂණයෙන්, ඩොමිනික් චන්ද්‍රසාලිගේ කලා අධ්‍යක්ෂණයෙන්, ලක්‍ෂ ික සංකල්පගේ අංග ඍචනයෙන්, චලන විමලසූරියගේ සංස්කරණයෙන් ඔෂාන් යාපාගේ විශේෂ ප්‍රයෝගකරණයෙන් හා මිලින්ද තෙන්නකෝන්ගේ සංගීතයෙන් හැඩ ගැන්වුණු මෙම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂනය හසන්ත දිසානායකගෙනි.

දේශීය සිනමාවේ ශාස්ත්‍රීය අධ්‍යයනයන් හා ප්‍රායෝගික අත්දැකීම් උරගා බැලෙන පර්යේෂණාත ්මක සිනමා කෘතියක්
වශයෙන් හැඳින්විය හැක ි ‘වියසිදුරු’ මේ වන විට ජාත්‍යන්තර සිනමා උළෙල 16 ක දී සම්භාවනාවට පාත්‍ර වූ
චිත්‍රපටයකි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...