IPL ක්‍රීඩකයින්ට කොවිඩ් හරස් වෙයි

Share post:

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) – 2023 සඳහා සහභාගි වන ක්‍රීඩකයෙකු කොවිඩ් – 19 පරීක්ෂාවෙන් පොසිටිව් බවට තහවුරු වුවහොත් දින 7 ක නිරෝධායනයක සිටිය යුතු බවට බවට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නියෝගයක් නිකුත් කර තිබේ.

පසුගිය වසර තුනක කාලයක් අනිවාර්ය වූ ජෛව ආරක්ෂිත බුබුලක ක්‍රීඩකයින් සිටිය යුතු වුවද එය තව දුරටත් අවශ්‍ය නොවන බවට ක්‍රීකට් ආයතන සහ බලධාරීන් තීරණය කර තිබෙන වටපිටාවක මෙම තත්ත්වය ඊට ප්‍රතිවිරුද්ධ බව ESPN වාර්තා කරයි.

කෙසේවෙතත් පසුගිය 2022 වසරේ ක්‍රියාත්මත වුණු පරිදි කොවිඩ් – 19 පොසිටිව් බව තහවුරු වුණු ක්‍රීඩකයින්ට සතියක කාලයක් හුදකලා වී සිටිය යුතුය යන තීරණය තවදුරටත් වලංගු බව IPL බලධාරීන් පවසා ඇත.

මෙම සතියේ සිට බලයලත් ආයතන වෙත බෙදා හැරීමට නියමිත IPL හි වෛද්‍ය මාර්ගෝපදේශ, අනුව ” පොසිටිව් ක්‍රීඩකයින්, දින හතක කාලයක් හුදකලා විය යුතුය. හුදකලා කාලය තුළ පොසිට්ව් පුද්ගලයින්ට කිසිදු තරගයකට හෝ ඕනෑම ආකාරයක ක්‍රියාකාරකමකට සහභාගී වීමට ඉඩ නොලැබේ.

“පස්වන දින සිට ඔවුන්ට RT-PCR වලට භාජනය විය හැක, ඔවුන් පැය 24ක් කිසිදු ඖෂධයක් නොමැතිව රෝග ලක්ෂණ නොමැතිව සිටිය යුතුය. පළමු ප්‍රතිඵලය නෙගටිව් වූ පසු 2 වැනි පරීක්ෂණය පැය 24ක පරතරයකින් සිදු කළ යුතුය. රැපිඩ් පරීක්ෂණ දෙකක් නෙගටිව් වූ පසුව යළි කණ්ඩායමට සහභාගි විය හැකිය.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා Tahlia McGrath ඉන්දියාවට එරෙහිව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ T20 අවසන් තරගයේදී Covid-19 පොසිට්ව් බවට තහවුරු වුවද ක්‍රීඩා කළේය.

මැක්ග්‍රාත් කොව්ඩ් පොසිටිව් වී සිටියදී ක්‍රීඩා කළ පළමු ක්‍රිකට් ක්‍රීඩිකාව බවටද පත්විය.

එමෙන්ම පසුගිය වසරේ එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය මෙන්ම ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරගාවලිය සඳහාද කොව්ඩ් පොසිටිව් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහභාගී වීමට ICC ය ක්‍රීඩකයින්ට අවසර ලබා දී තිබිණි.

කෙසේ වෙතත්, මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයේදීද මෙම ක්‍රියාවලියම සිදුකරයිද නැද්ද යන්න පිළිබඳ තවමත් නිශ්චිත නැත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...