කොළඹ විරෝධතා මර්දනයට පොලිස් කොට්ඨාස 12කින් කැරලි මර්දන උපකරණ ගෙන්වයි : පළාත් 5ක පොලිස් ප්‍රධානීන්ට URGENT ලිපියක් !

Share post:

බස්නාහිර පළාතේ පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීම සඳහා රට පුරා බෙදාහැර ඇති කැරලි මර්දන උපකරණ යළිත් කොළඹට ලබාදෙන ලෙස පොලිස් කොට්ඨාස 12කට පොලිස් මූලස්ථානයෙන් විශේෂ දැනුම්දීමක් කර ඇත.

පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහායක සේවා) සජීව මැදවත්තගේ අත්සනින් මෙම දැනුම් දීම කර ඇත. උතුරු මැද, නැගෙනහිර, වයඹ, දකුණ සහ මධ්‍යම පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙසේ ලිඛිත ව දැනුම් දී ඇත්තේ අදාළ පළාත්වලට අයත් අනුරාධපුර, මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල, මාතලේ, පොළොන්නරුව, තංගල්ල, මහනුවර, කන්තලේ, නුවරඑළිය, පුත්තලම සහ ත්‍රීකුණාමලය යන පොලිස් කොට්ඨාසවල ඇති එම උපකරණ වහාම කොළඹට එවන ලෙසයි.

ගෙන්වන්නේ මොනවාද ?

කඳුළු ගෑස් මුහුණු ආවරණ (Gas masks), කැරලි ආවරණ පලිහ (Riot shields), කැරලි ආරක්ෂක හිස් වැසුම් (Riot Helmets), රබර් මුගුරු (Rubber batton) මෙසේ මධ්‍යම අවි ගබඩාව වෙත එවන ලෙස දැනුම් දී තිබේ.

පසුගිය 14 දිනැතිව නිකුත් කර ඇති මෙම දැනුම් දීම ‘හදිසියි (URGENT)’ යන ශීර්ෂය යටතේ යොමුකර තිබේ.

පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරි වෙත මෙම කැරලි මර්දන උපකරණ බාරදෙන ලෙසත්, පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු යටතේ ආරක්ෂිතව මෙම උපකරණ එම මූලස්ථානයේ මධ්‍යම අවි ගබඩාව වෙත එවන ලෙසත් අදාළ දැනුම් දීමේ වැඩිදුරටත් සඳහන් ය.  

අවශ්‍යතාව කොපමණද ?

මේ අනුව කඳුළු ගෑස් මුහුණු ආවරණ (Gas masks) 575ක්, කැරලි ආවරණ පලිහ (Riot shields) 525ක්, කැරලි ආරක්ෂක හිස් වැසුම් (Riot Helmets) 505ක්, රබර් මුගුරු (Rubber batton) 1,000ක් පිට පළාත්වලින් කොළඹට ලබාගැනීමට සැලසුම් කර තිබේ.

විරෝධතා වාර්තාව

පොලිස් මූලස්ථාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පොලිස් කොට්ඨාසවල අවම විරෝධතා ප්‍රමාණයක් පැවතිය හැකි බවට බුද්ධි අංශවලින් ලබාගත් තොරතුරු මත මෙසේ අදාළ පොලිස් කොට්ඨාස වෙත මෙම දැනුම් දීම කර ඇති බවයි.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...