ඉතිහාසය අලුතින් ලියූ ඔස්කාර් – 2023

Share post:

95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වීය.

එහිදී ඔස්කාර් – 2023 හොඳම නළුවා සම්මානය the whale චිත්‍රපටයේ Brendan Fraser ට හිමිවූ අතර හොඳම නිළිය සම්මානය Everything Everywhere All at Once චිත්‍රපටයේ Michelle Yeoh ට හිමිවූවාය.

එම සම්මානයත් සමග ඇකඩම් සම්මාන උළෙලකදී හොඳම නිළිය සම්මානය දිනාගත් පළමු ආසියාතික කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇත.

එමෙන්ම ඔස්කාර් 2023 – සහාය නළුවා සම්මානය “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් (Ke Huy Quan) හිමිකර ගත්තේය.

ක්වාන් 1971 අගෝස්තු 20 දකුණු වියට්නාමයේ, සායිගොන් හීදී උපන් අතර ඔහුගේ දෙමව්පියන් චීන සම්භවයක් ඇති වියට්නාම් පුරවැසියන් වන අතර ඔහුගේ පවුල සහෝදර සහෝදරියන් 8 දෙනෙකුගෙන් යුක්ත විය.

1978 දී ඔහුගේ දෙමව්පියන් වියට්නාමයෙන් පලායන්නේ එවකට පැවති දේශපාලන වාතාවරණය නිසාවෙන්‍ ය. ක්වාන් ඔහුගේ පියා සහ සොහොයුරු සොහොයුරියන් පස් දෙනෙක් හොංකොං සරණාගත කඳවුරකට පැමිණි අතර එක්සත් ජනපදයට බොට්ටුවකින් පැමිණ ඇත.

“මගේ ගමන ආරම්භ වූයේ බොට්ටුවක, අවසානයේ මම නතර වුනේ හොලිවුඩයේ ලොකුම වේදිකාවේ.” ඔහු පැවසීය.

ඔස්කාර් 2023- සහාය නිළිය සම්මානය ද “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් ජේමි ලී කර්ටිස් (Jamie Lee Curtis) විසින් හිමිකර ගත්තාය.

එමෙන්ම අතිශය ජනාදරයට පාත්‍ර වූ RRR ඉන්දීය තෙළිඟු සිනමාපටයේ එන ,නාටු නාටු ගීතය ද මෙවර ඔස්කාර් සම්මානයට පාත්‍ර විය.

ඉන්දියාවේම නිෂ්පාදිත ඉන්දීය චිත්‍රපටියකට ඇකඩමි හෙවත්, ඔස්කාර් සම්මානයක් ලැබුණු පළමු වතාව මෙය වේ.

මින් පෙර ඉන්දියාවේ සම්මානයට පාත්‍ර වුණු ස්ලම්ඩෝග් මිලියනයර් සහ 1982 වසරේ හොඳම රංග වස්ත්‍ර නිර්මාණය සඳහා වූ ඇකඩමි සම්මානය ගාන්ධි චිත්‍රපටය වෙනුවෙන් පිරිනැමුණු අතර එයද හොලිවුඩ් නිෂ්පාදනයක් වේ.

සම්මානය පාත්‍ර වුණු අනෙකුත් නිර්මාණ

Related articles

කාපිරි.. ගාන්ධි සහ සිම්ප්සන්

කණ්ඩායම් හෝ පිල්වලට බෙදී යුද්ධ කරන රණ්ඩු කරන හෝමෝ සේපියන්ස්වරුන්ව තේරුම් ගන්නෙ කොහොමද? මේ බෙදීම්වලට ප්‍රධානම හේතුව ආගම්...

අඳුරු රාජ්‍යයේ කළු ජනවාරිය !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඊට අදාළ විමර්ශන සහ ලසන්ත නම් මාධ්‍යවේදියා කවරෙක්ද යන කරුණු විග්‍රහ කරමින් මාධ්‍යවේදී සනත් බාලසූරිය...

ආදර්ශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ආරම්භය හෙට BMICH හිදී – අගමැති හරිනි සහ හිටපු ජනපතිවරුන් ආරාධිතයන් අතර !

ආදර්ශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන සංවාද කතිකාවක් හෙට (03) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ය. ආණ්ඩු පක්ෂ...

අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු ඝාතනය – සමාජය හා සාමයික කේන්ද්‍රයෙන් තොරතුරු කොමිසමට විශේෂ ඉල්ලීමක් !

කොටහේන පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු කාක දූපතේදී පොලිස් වෙඩිපහරින් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ ව ශ්‍රී ලංකා පොලිසියෙන්...