කුරුණෑගල ජනතාව ඇමතිලාට හූ කියති – උත්සවයට ආරාධනා කරලත් නෑ

Share post:

අද (මාර්තු 11) උදෑසන කුරුණෑගල-බමුණාකොටුව ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට පැමිණි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායකට සහ පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්ට හූ කියා විරෝධය පළකර තිබේ.

මෙම සංස්කෘතික මධ්‍යස්ථානය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන වැයකොට ඉදිකරන ලද්දක් වන අතර මෙම විවෘත කිරීමට අදාල ආරාධනා පත්‍රයට අනුව ප්‍රාදේශිය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් එය සිදු කිරීමට නියමිතව තිබිණි.

එසේ වුවද ඒ සඳහා කිසිඳු කලාකරුවෙකු සහභාගි වී නොසිටි බවටද තොරතුරු වාර්තා වේ.

කෙසේවෙතත් මෙම අවස්ථාවට වාහන කිහිපයකින් ආරක්ෂක නිලධාරීන්ද සමග අනාරාධිතව පැමිණි දේශපාලනඥයින් හට ජනතාව එලෙස සිය විරෝධය දක්වා තිබේ.

පසුගිය කාලවකවානුව පුරාම වත්මන් රජය නියෝජනය කරන දේශපාලනඥයින්ට ජනතාවගෙන් දැඩි විරෝධතා එල්ලවීම හේතුවෙන් බොහොමයක් රජයේ අමාත්‍යවරුන් ඇතුළු පිරිස මේ වනවිට උත්සව සහ රැස්වීම් සඳහා සහභාගිවීමෙන් වැලකී සිටිති.

විරෝධය පෑ ජනතාව
ආරාධනා පත්‍රය

වීඩියෝව පහතින්

https://web.facebook.com/thetimeweb/videos/741040647550875

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...