සායක්කාරගේ නාට්‍යය කෙරුවාව පිළිබඳ හෙලිදරව්ව

Share post:

අර්බුද එකක්වත් නිම නෑ වැඩි වුනා මිසක්.ඒ ඔක්කොම එහෙමම තියෙද්දි සතියක්ම වෙන් කර ගත්ත පොරක් වෙන්න ද?

අප්පෝ නෑ. පොරක් වෙනවා වගේ අසනීප මට නෑ. මෙහෙමයි අපි බොහොම පැහැදිලිව මීට කලිනුත් කිව්වා ඇයි අපි මේ නාට්‍ය සතිය කරන්නේ කියලා. මේක අද ඊයේ ආව අදහසක් නෙමෙයි 2015 වගේ කාලෙ ඉදලා තමයි මේ අදහස මුළින්ම ආවේ. අපි මෙතෙක් කරපු නාට්‍ය ටික එකතු කරලා දවස් කීපයක කරමු කියලා. ඒත් ප්‍රායෝගික ප්‍රශ්න නිසා වරෙන් වර මේ වැඩේ කල් ගියා. ඒ අතරේ අපේ නාට්‍ය ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවුණා. මුළින් අපි හිතාගෙන හිටියෙ දවස්තුනක් එක දිගට නාට්‍ය පෙන්නන්න. ඊට පස්සේ ඒක හතරවුණා. අවසානයේ දවස් හතක් යනකම් දික් වුණා.
හැමදාම අපි බලන් හිටියෙ මේ කාලෙ අප්සට් ටිකක් කාලෙ හොඳ වුණාම කරමු කියලා. ඒත් කාලය හොඳ වෙනවා කියල එකක් වෙන්නෙ නෑ. එන්න එන්න අප්සට් වෙනවා මිසක්. ඒ අනුව අපි 2022 සැප්තැම්බර් තීරණයක් ගත්තා මොන විදියේ බාධාවක් ආවත් අපි 2023 මාර්තු නාට්‍ය සතිය කරනවා මයි කියලා. ඒ අනුව තමයි රටේ තත්වෙ කොච්චර අයහපත් වුණත් අපි මේ වැඩේ කරන්නේ…

අනිත් පැත්තෙන් මේ නාට්‍ය කිසිම එකක් අපේ වුවමනාවට නතර කරපු නාට්‍ය නෙමෙයි. රටෙි වරින් වර මතුවුණු ප්‍රශ්නත් එක්ක නතර කරන්න වුණු නාට්‍ය. එකපාරක් පාස්කු ප්‍රහාරය නිසා නතර කළා. තව පාරක් කොරෝනා. ඊට පස්සේ අරගලය. ඉතින් මේ නිසා අපිට වුවමනාව තියෙන අපි නතර නොකරපු ඒ නාට්‍ය ටික නැවත කරළියට ගේන්න.

දේශපාලනය හපයක් කරලා තියෙන මිනිස්සුන්ව ඒ වධකයාවම පෙන්නලා රිද්දන එකද සායක්කාරලා ගේ නාට්‍ය කලාවද?

මට මේ වෙලාවේ ඕනේ අඩුම වශයෙන් මිනිස්සුන්ට තමන් ඉන්නේ නරා වලක කියන එක ඇගිල්ලෙන් ඇනලා පේනනලා දෙන්න. මොකද රටේ බහුතරයක් තවමත් ඔවුන් ගෙවමින් ඉන්න අප්සට් එක තේරුම් අරන් නෑ. ඒක තේරුම් ගන්නෙ නැතුව එතනින් එහාට ඊට එරෙහිවීමක් ගැන හිතන්නෙ නෑ. ඔබ පාවිච්චි කරපු වචනය හරි මම ප්‍රේක්ෂකයා රිද්දනවා. වද දෙනවා. එහෙම වද නොදී ආතල් දීලා මේ ප්‍රශ්නෙ උන්ට දනවන්න බෑ.

“අයියා මලෝ ” අමු චරිත ඝාතනයක් නේ .බලපු මිනිස්සු මේවට විරෝධය පාපු නිසා නෙමෙයිද ඔය එක එක වර්ගයේ වාරණයන් පැන උනේ.

බලපු කිසිම තැනක චරිත ඝාතනයක් කියලා කිසිම විරෝධයක් ආවේ නෑ. අපි කාගෙවත් චරිතය ඝාතනය කරලා නෑ. ඕන කෙනෙක්ට ඕන කණ්ණාඩියක් දාගෙන බලන්න පූළුවන්. එතකොට ඒකට එක එක චරිත අහුවෙනවා. මහින්ද වෙන්න පුළුවන් රනිල් වෙන්න පුළුවන් සජිත් වෙන්න පුළුවන් ඕන කෙනෙක් අහුවෙයි. ඒකට මට කරන්න දෙයක් නෑ. අපි කතා කරන්නේ පවුලක් බලය ආරක්ෂා කරන මළකුණක් එක්ක ඔට්ටු වෙන විදිය. මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. විජයිදු රජකාලෙත් මේ වගේ සිද්ධි වෙලා තියෙනවා. මේක අපිට විතරක් නෙමෙයි දකුණු ආසියාවේම ඛේදවාචකයක්

කතන්දර වැඩක් නෑ සායා…වටේ යන්නැතුව කියෙනවද නාට්‍යය කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා.

මම නාට්‍ය කරන්නේ මගේ ප්‍රකාශනය එළියට දාන්න. ඒක මට අවංකවම සඳහා ප්‍රබලවම මුදාහරින්න පුළුවන් තැන වේදිකාව. අනිත් මාධ්‍යවල අපිට ඒක ඒ මට්ටමින් කරන්න අවකාශ නෑ. ඉතින් වේදිකාව කොච්චර කුඩා වුණත් මේ උත්සාහයන් කොච්චර දුෂ්කර වුණත් මම ඒක අතාරින්නේ නෑ.

18 ඉඳලා 24 වෙනකන් මොනවද කරන්නේ

සායාගේ සතිය පටන් ගන්නේ 18 එතන ඉදලා හැමදාම හවස 3.30ට සහ 7.00 නාට්‍ය දර්ශන දෙක බැගින් පැවැත්වෙනවා. දැනටමත් 3.30- දර්ශනයේ බැල්කනියි පිරිලා ඉවරයි. ඒ විද්‍යාර්ථයන්ට නොමිලේ නාට්‍ය බලන්න දුන්න අවස්ථාව නිසා. හැමදාම 3.30- දර්ශනයේ බැල්කනිය වෙන් කරේ විද්‍යාර්ථයන්ට.

ඔක්කොම සෙල්ලම් කොළඹට විතරද කොළඹින් පිට යන්නේ නැද්ද?

අනිවාර්යයෙන් යනවා. අපි අයියා මළෝ වගේ නාට්‍යයක් හදාගත්තෙම කොළඹින් පිට ඕනම තත්වයක් යටතේ ප්‍රදර්ශනය කරන්න. අපි ඒ වැඩේ කරා සහ කරමින් ඉන්නවා. ඒ වගේ අනිත් නාට්‍යත් කොළඹින් එහාට අරන් යන්න අපි වැඩ කරමින් ඉන්නවා. කිසිසේත්ම කොළඹට සීමා වෙන්න අපේ අදහසක් නෑ.

හිල්මි සුපුන්

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...