නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමේ

Share post:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර, පළමු ටෙස්ට් තරගය අද (9) ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30ට ක්‍රයිස්චර්ච් නුවරදී ආරම්භ විය.

දෙපිල අතර තරග 2කින් සමන්විත මෙම ටෙස්ට් තරගමාලාව ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට තේරී පත්වීමට අතිශය වැදගත් වනු ඇත.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ටීම් සවුදි, පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

පළමුව පන්දුවට පහරදෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 239ක් ලබා සිටියි.

නායක දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 14ක් පමණක් රැස් කළ අතර ඕෂද ප්‍රනාන්දු නායක සවුදි ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

දිමුත් සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 137ක ශක්තිමත් සම්බන්ධතාවයක ගොඩනැගූ අතර දෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේය.

දැවී යනවිට කුසල් පන්දු 83කට මුහුණ දෙමින් ලකුණු 87ක් රැස් කරගෙන සිටි අර ඊට හතරේ පහර හතරේ පහර 16ක් ඇතුලත්ව තිබිණි.

නායක කරුණාරත්න ලකුණු 50ක් රැස් කළ අතර දි නේෂ් චන්දිමාල් ලකුණු 39 කට දැවී ගියේය. යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 37 ක් ලබා සිටින අතර චන්දිමාල්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි දනංජය ද සිල්වා නොදැවී ලකුණු 02 ක් රැස් කරගෙන සිටියි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...