IMF : සැප්තැම්බර් 01 සිට මාර්තු 20 දක්වා ණය මෙහෙයුම අවසන් : ඉන්දීය ණය සහන තවත් වසරකින් දීර්ඝ කරගැනීමේ සාකච්ඡාවක් !

Share post:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකම් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා 2022 සැප්තැම්බර් 01දා ඇති කර ගත් මූලික කාර්ය මණ්ඩල ගිවිසුම සමාලෝචනය කිරීමට ලබන 20දා එහි විධායක කමිටුව රැස්වීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් පවසයි.

ආර්ථික විද්‍යාඥයන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවට අදාළ ණය මුදල ලබාගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇති බවයි. විධායක කමිටුවේ න්‍යාය පත්‍රයට එහි සාමාජිකයන් අයිතම එකතු කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට සුදානම් වූ පසුව පමණක් බව ආර්ථික විද්‍යාඥයෝ සඳහන් කරති.

මේ වන විට ශ්‍රී ලංකාව තම සියලු ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගෙන අවසන්ව ඇත. ඒ හේතුවෙන් කාර්ය මණ්ඩල ගිවිසුම විධායක කමිටුව වෙත සමාලෝචනය කිරීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර මූල්‍ය අරමුදලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය පෙන්වා දෙන්නේ විධායක කමිටුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙක් ණය හිමියන්ගේ සහාය ද ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි. ලංකාව දැනට ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයෑමට මෙම වැඩසටහන් ශක්තියක් වනු ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.

එසේ ම ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම තවත් මාස කිහිපයකින් දීර්ඝ කර ගැනීමට ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ලබන මාර්තු 17දා මෙම ණය පහසුකම කල් ඉකුත් වන අතර, ශ්‍රී ලංකාව ඉන් භාවිත කර ඇත්තේ තුනෙන් දෙකක ප්‍රමාණයක් පමණි. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් ආහාර සහ ඖෂධ වෙනුවෙන් භාවිත කර තිබේ.

මෙරට මුදල් අමාත්‍යාංශයට ණය පහසුකම තවත් මාස 6ත් 12ත් අතර කාලයකින් දීර්ඝ කර ගැනීමට අවශ්‍යව ඇතැයි දැනුම් දී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...