මුරකාමි හය වසකට පසු නවකතාව සමග ආපසු එයි…

Share post:

හරුකි මුරකාමි සිය අලුත්ම නවකතාව සමඟින් ලබන මාසයේ නැවතත් පාඨකයා හමුවට පැමිණීමට නියමිත ය.
ඔහුගේ නවකතාමය පුනරාගමනය සිදුවන්නේ සය වසරකට පසුව ය. 2017 Killing Commendatore එළිදුටු පසු මුරකාමී අතින් ලියැවුණු පළමු නවකතාව මෙයයි.

ලබන අප්‍රේල් 13 වැනිදා මේ කෘතිය ජපානයේ දී මුද්‍රිත හා ඩිජිටල් යන මාධ්‍ය දෙකෙන්ම එළිදකිනු ඇත්තේ ජපන් භාෂාවෙන් පමණි.

එහි ඉංග්‍රීසි පරිවර්තනය සිදුවන්නේ කවදාදැයි තවමත් හරියටම දැනගන්නට නැත.
ලොව පුරා සුවිසල් පාඨක සමාජයක් හිමි මුරකාමිගේ මේ අලුත් නවකතාව ගැන දැනට දැනගන්නට ඇති කරුණු පහත පරිදි ය.

1 ජපන් බසින් එන මුල් කෘතිය පිටු 1200කින් පමණ සමන්විත ය.

  1. නවකතාව නම්කර ඇත්තේ The City and Its Uncertain Walls නමිනි.

3 එය “ආත්මය කලම්බාලන, 100% පිරිසිදු මුරකාමි ලෝකයක්” තුළ ස්ථාපිතකර ඇති අතර “කාලයක් තිස්සේ තීන්දු වී තිබූ කතාවක්” එහි ඇතුළත් වෙතැයි පැවස‍ේ.

  1. එයට ඇත්තේ මුරකාමිගේ 1980 එළිදුටු කෙටිකතාවක නමම ය. එම කෙටිකතාව කිසිදා පොතක් ලෙස එළිනොදුටු, සාහිත්‍ය සරාවක පමණක් පළවූවක් වන අතර, ඒ කතාව සහ මේ කතාව අතර ඇති සම්බන්ධය කුමක්දැයි තවම කිව නොහැකි ය.
  2. ප්‍රකාශකයා විසින් නිකුත් කරනු ලැබ ඇති ප්‍රහේලිකාමය හැඳින්වීම මෙපරිදි ය: “මොනවා වුනත් කම් නැත, නගරයට යා යුතුයම ය. හුදකලා ලේඛනාගාරයක් තුළ ‘පැරණි සිහින’ අවදි කර ලිහා දමන්නාක් මෙන්, අගුලු දමා ඇති ‘කතාවක්’ නිහඬව ගමන් අරඹයි.

කතාව කුමක් ගැනදැයි කලින් කිසිදු ඉඟියක් නොමැතිව ඔහුගේ පොත් කියවීම අරඹන්නට කැමැති බව මුරකාමී රසිකයන් බොහොමයක් පවසන බැවින්, කතාවස්තුව ගැන තොරතුරු දැනට හෙළිදරව් නොකරන බව ප්‍රකාශන සමාගම පවසයි.

  • AP/The Globe and Mail හා LITERARY HUB ඇසුරිණි‍‍.

සම පොත් (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...