නිවාස 12,000ක් ගිනිගනී : රොහින්ග්‍යා සරණාගතයන් කබලෙන් ලිපට !

Share post:

බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි රොහින්ග්‍යා සරණාගත කඳවුරක් තුළ ඇතිවූ ගින්නක් හේතුවෙන් දහස් ගණනකට සිය නිවාස අහිමි වී තිබේ.

ඊයේ (ඉරිදා 05) කුටුපලොන්ග් සරණාගත කඳවුර හරහා පැතිර ගිය මෙම ගින්න හේතුවෙන් 12,000 ක් පමණ නිවාස අහිමි වූ බව ප්‍රාදේශීය පොලිස් අධිකාරී මොහොමඩ් මහෆුසුල් ඉස්ලාම් මාධ්‍ය වෙත පවසා ඇත.

ගින්නෙන් නිවාස 2,000 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර රෝහල් සහ අධ්‍යාපන පහසුකම් සැපයු මධ්‍යස්ථාන අනූවක් පමණ මෙම ගින්නෙන් විනාශ වී තිබේ.

පැය තුනක පමණ කාලයකට පසුව ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් ගින්න මැඩපවත්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ සඳහා ගිනි නිවන බට පිරිස් සහ ඒ පිළිබඳ පුහුණුව ලැබූ රෝහින්ග්‍යා සරණාගත ස්වේච්ඡා සේවකයන් ගින්න පාලනය කිරීමට දායක වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති නමුත් ඒ පිළිබඳ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පෙන්වාදෙන පොලිස් අධිකාරීවරයා ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවද පවසා ඇත.

මේ වනවිට නිවාස අහිමි වූවන්ට ආහාර සහ තාවකාලික නවාතැන් සැපයීම සඳහා බලධාරීන් ජාත්‍යන්තර සහ දේශීය මානව හිමිකම් සංවිධාන සමඟ කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම ගින්න සහ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ‘Save the Children’ සංවිධානය පවසා සිටියේ කඳවුරුවල සිරවී සිටින ළමයින්ගේ අනාගතය අඳුරු සහගත බවයි.

එමෙන්ම මෙම ගින්න හේතුවෙන් බොහෝ පවුල්වල ආරක්ෂාව සහ ඔවුන් සතුව ඉතිරිව ඇති කුඩා දේ ද අහිමි කළ බවද ඔවුන් පෙන්වාදෙයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...