ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුවට අතුරු තහනම් නියෝගයක්

Share post:

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ඇතුළු අනිකුත් ක්‍රීඩා සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (27) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු පිරිසක් ගොනුකර ඇති රිට් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති අතර අදාල අනතුරු තහනම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

දෙසැම්බර් 14 වන දින ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රීඩා නීතියට පටහැනි බව සඳහන් කරමින් එම ගැසට් නිවේදනය අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇත.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.එස්.ආර්. මරික්කාර් යන සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අදාල පෙත්සම සලකා බලා ඇත.

පෙත්සම ලබන ජූනි 22 වැනිදා යළි විමසා බැලීමට නියමිතව ඇති අතර පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන චන්දන අබේසුන්දර සහ රොමේෂ් ද සිල්වා පෙනී සිටියහ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...