සජිත්ගේ සහෝදරියගෙන් අනුරට එන්තරවාසියක් : මේක 2017 අවසන් වූ නඩුවක් – දුලාංජලී ජයකොඩි

Share post:

තමන්ට අපහාසයක් සිදු වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් දුලාංජලී ජයකොඩි විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සඳහන් කරමින් එන්තරවාසියක් යොමුකර තිබේ.

දුලාංජලී ජයකොඩි යනු සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරියයි.

2017 වසරේ සිදු වූ බව පැවසෙන මූල්‍ය ගනුදෙනුවකට අදාළ ව අනුර කුමාර දිසානායක විසින් පසුගිය දිනෙක ප්‍රසිද්ධ වේදිකාවකදී සිදු කළ ප්‍රකාශයකට අදාළ ව මෙම එන්තරවාසිය යොමුකර තිබේ. ජනාධිපති නීතිඥ ෆර්මන් ජේ. කාසිම් මගින් පසුගිය 22දා මෙම එන්තරවාසිය යොමුකර ඇත.

ව්‍යාපාරික ගනුදෙනුවකට අදාළ ව මුදල් ගෙවීමක් සිදුකිරීමේදී ඒ සඳහා ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් දුලාංජලී ජයකොඩි වෙත බාරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු 2017 මැයි 22දා මහාධිකරණයේදී වරද පිළිගෙන තිබුණු බවත්, ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයාගේ නැගණියට රුපියල් මිලියන 2ක වන්දියක් ලැබුණු බවත්, එසේ තිබියදී අනුර කුමාර දිසානායක විසින් එම චෝදනාව තමන්ට බැර කර ඇති බවත් අදාළ එන්තරවාසියේ සඳහන් වේ. එහි නඩු අංකය වන්නේ HC/8378/15 බව ද එහි දැක්වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...