ඉලෙක්ට්‍රොනික් ඡන්ද විමසීමේ ක්‍රමය ලංකාවටත් – ඡන්ද කට් කරන ආණ්ඩුවට වෙට්ටුවක්!

Share post:

රජය විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බව පවසමින් ඡන්දය කල්දැමීමේ උත්සහයක නිරතවන පසුබිමක ඉලෙක්ට්‍රොනික් ඡන්ද විමසීමේ ක්‍රමයක් පිළිබඳ කතිකාව නැවතත් මතුවෙමින් තිබේ.

ඉතා විශාල පිරිවැයක් අඩුවනවා සේම අඩු කාලයක් ඇතුලත නිරවද්‍ය සහ සවිස්තරාත්මක මැතිවරණ ප්‍රතිඵලයක් ලබාගත හැකි ඉලෙක්ට්‍රොනික් ඡන්ද විමසීමේ ක්‍රමයක් ලංකාව තුල ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳ ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයද ඉස්මතු කර තිබේ.

විශේෂයෙන් මෙවැනි ක්‍රමයක් හරහා මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා ඇතුළු විශාල ලේඛන ප්‍රමාණයක් මුද්‍රණය කිරීමේ වියදම නතර කිරීමට හැකියාව තිබේ. එවැනි පසුබිමක මුදල් නැතිබව පවසමින් ඡන්ද කල්දැමීමට ඇති ඉඩකඩද අඩුවනු ඇත. ඒ නිසා මෙකී ක්‍රමය ලංකාව වැනි රටකට පිරිවැයක් නොව ආයෝජනයක් බව පැහැදිලිය.

ඉන්දියාව ඉදිරියෙන්

මිලියන 912ක ඡන්ද දායකයන් පිරිසක් සිටින අසල්වැසි ඉන්දියාව 2004 වසරේ සිට ඉලෙක්ට්‍රොනික් මැතිවරණ ක්‍රමයක් අනුගමනය කරන අතර එය බැලට් යන්ත්‍රය ලෙස හැඳින්වෙන යන්ත්‍රයක් හරහා ඡන්දය ප්‍රකාශ කිරීම සහ ගණනය කිරීම සිදුකරනු ලබයි.

එසේම 2001 වසරේ සිට Mobile Voting ක්‍රමයක් හඳුන්වාදුන්නේ ආබාධිත සහ වයස්ගත ඡන්දදායකයන් වෙනුවෙන්ය. ඒ නිසා ඉන්දියාවට එවැනි ක්‍රමයක් වසර ගණනාවක් තිස්සේ ගැටළුවකින් තොරව පවත්වාගෙන යා හැකිනම් ශ්‍රී ලංකාවේ මිලියන 22ක් වැනි ඡන්ද දායකයින් පිරිසක් වෙනුවෙන් එය ක්‍රියාත්මක කිරීම එතරම් ගැටළුවක් විය හැකිද?

E-voting ක්‍රමය

මෙම ක්‍රමය යටතේ ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රය ස්ථාපිත කරන අතර නිලධාරීන් විසින් සුපරීක්ෂණය කරනු ලබයි. ඡන්ද දායකයින්ට සිය හැදුනුම්පත ඉදිරිපත්කර අදාල යන්ත්‍රයේ ඇති බොත්තම් මගින් තමන්ගේ ඡන්දය සටහන්කළ හැකිය.

එවිට අදාල යන්ත්‍රයේ ඡන්දදායකයාගේ අංකය සහ ඡන්ද ප්‍රකාශ කිරීම ගබඩාවන අතර එය බැලට් රෝල් නමින් හැඳින්වෙන කඩදාසි රෝලක මුද්‍රණයවීම අතීතයේ සිදුවිය. නමුත් මේ වනවිට මේ ක්‍රමයට වඩා නවීන ක්‍රමයක් භාවිතාවන අතර, ස්පර්ශ සංවේදී තිරයක් (Touch screen) සහිත පරිගණකයක මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීම මගින් එකී තිරය මත ස්පර්ශකල ඡන්දය පලකිරීම සිදුකල හැකිය.

i-voting ක්‍රමය

මෙම ක්‍රමය e-voting ක්‍රමයෙන් වෙනස් වන්නේ අන්තර්ජාලය භාවිතා කරමින් නිවසේ සිටම ඡන්දය ප්‍රකාශ කළ හැකි ඉතා දියුණු ක්‍රමයක් වීම නිසාය. පුද්ගලික හැඳිනුම් අංක සහ රහස්‍ය මුර පදයක් සහිතව සිය මැතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමේ ගිණුමට ඇතුල්වී තමන්ගේ ඡන්දය ප්‍රකාශ කල හැකිය.

ඉහත ක්‍රම දෙක හරහාම ඉතා ඉක්මණින් පරිගණකය විසින් ඡන්ද ප්‍රතිඵල සකස් කරන අතර එය අදියර කිහිපයකදීම පරික්ෂාවට භාජනයවන නිසා වැරදි හෝ වංචා සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම විරලය.

ලෝකය පුරා ප්‍රචලිත ක්‍රමයක්

මේ වනවිට මෙවැනි ඉලෙක්ට්‍රොනික් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රම එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පිලිපීනය,බ්‍රසීලය මෙන්ම බංගලාදේශය වැනි රටවල්වල ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබේ. විශේෂයෙන්ම ජාතික මැතිවරණයක් වැනි අධික මුදලක් වැයවන මැතිවරණ සඳහා මෙය ඉතා හොඳ විකල්පයක් බව සැබෑය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...