වනිඳු ඉදිරියට මහීෂ් පස්සට

Share post:

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ඉහළට ඒමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 6 වැනි ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් ඇෆ්ගනිස්තානයේ රිෂාඩ් ඛාන්ට පමණක් දෙවැනි වී සිටින වනිඳු හිමිකර ගෙන ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 697කි.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වන වනිඳු මේ වන විට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 13කි. ඔහු රිෂාඩ්ට (700) වඩා පසුපසින් සිටින්නේ ප්‍රසාද ලකුණු 3කිනි. වනිඳු ඉහළ යෑමත් සමඟ දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි (694), ඔස්ට්‍රේලියාවේ ජොෂ් හේස්ල්වුඩ් (692) සහ ඇෆ්ගනිස්තානයේ මුජීබ් උර් රහ්මන් එක් ස්ථානයක් බැගින් පහතට වැටී තිබේ.

එංගලන්තයේ සෑම් කරන් ද ස්ථාන 2ක් ඉදිරියට පැමිණ 6 වැනි තැන සිටින අතර, ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ස්ථාන 2ක් පහත බසිමින් 9 වැනි ස්ථානයේ රැඳී සිටී.

මේ අතර පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් (842) දෙවැනි ස්ථානයට ඇද දමමින් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථානයට පත්වීමට ඉන්දීය ක්‍රීඩක සූර්යකුමාර් යාදව් (863) සමත්ව ඇත. ලෝක කුසලාන තරගාවලියේදී නෙදර්ලන්තයට සහ පාකිස්තානයට එරෙහිව පිට පිට අර්ධ ශතක රැස් කරමින් දැක් වූ දස්කම් හේතුවෙන් යාදව් මේ ස්ථානය හිමිකර ගත්තේය. මුල් පිතිකරුවන් 10 අතර රැඳී සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මේ වන විට 12 වැනි ස්ථානය දක්වා පහත බැස ඇත.

නවසීලන්තයේ ග්ලේන් පිලිප්ස් ස්ථාන 2ක්, ඉන්දියාවේ විරාත් කෝලි සහ දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩි කොක් පියවරක් බැගින් ඉහළට යමින් පළමු 10 දෙනා අතරට එක්වීමත් සමඟ පැතුම් පහළට වැටිණි.

තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් ඉදිරියෙන් පසු වන අතර, වනිඳු හසරංග පියවරක් ඉහළ යමින් 8 වැනි ස්ථානයට පැමිණ තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...