මහේලගේ වාර්තාව කෝලි බිඳියි

Share post:

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන සතුව තිබූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි අද (02) සමත්විය.

කෝලි විසින් මෙලෙස තමන් සතුකරගත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණුවලට අදාළ වාර්තාවයි.

ලෝක කුසලාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ ඉනිම් 31කදී ලකුණු 1016ක් රැස්කරගනිමින් මහේල ජයවර්ධන එහි පෙරමුණේ පසුවිය.

මේවනවිට පැවැත්වෙන බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරගයේදී අදාල ලකුණු සීමාව පසුකිරීමට විරාත් කෝලි සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියානු පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් රැස් කළ අතර විරාත් කොලි නොදැවී පන්දු 44 කට මුහුණ දෙමින් ලකුණු 64 ක් රැස් කිරීමට සමත්විය. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ එක් 6 පහරකින් අලංකාරවත්විය.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් බංග්ලාදේශය පන්දුවට මුහුණ දෙමින් සිටි අතර මේ වනවිට වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවතා දමා ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...