තීරණාත්මක පකිස්තාන – දකුණු අප්‍රිකාව තරගය අද

Share post:

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පකිස්ථාන – දකුණු අප්‍රිකා තරගය අද (03) පැවැත්වේ.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයෙන් මෙම තරගය පැවැත්වේ.

කණ්ඩායම් දෙකම මේ වනවිට දෙවැනි කාණ්ඩයේ තරග 3 බැගින් ක්‍රීඩා කර අවසන් ය.

සහභාගී වූ තරග 3 න් 2 ක් ජය ගත් දකුණු අප්‍රිකාවට එම කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිව තිබේ.

ඒ, ලකුණු 5ක් ද සමගිනි.

පකිස්ථානයට දෙවැනි කාණ්ඩයේ ජය ගැනීමට හැකි වූයේ එක් තරගයක් පමණි.

ඔවුන් තරග 2කින් පරාජය වීම නිසා ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසු වෙයි.

ඔවුන්ට හිමිව ඇත්තේ, ලකුණු 2ක් පමණි.

දකුණු අප්‍රිකාව මෙම තරගය ජය ගැනීමට සමත් වුවහොත් ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු වේ.

ඔවුන් සුපිරි 12 දෙනාගේ වටයේ අපරාජිත කණ්ඩායම වන නමුත් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දෙපිලටම එක් ලකුණ බැගින් හිමි වීම හේතුවෙනි.

කෙසේ නමුත් අවසන් වරට දකුණු අප්‍රිකාවට එරෙහිව සහභාගී වූ තරග 2ම ජය ගෙන තිබීම පකිස්ථානයට ද වාසිදායක තත්ත්වයක් බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි.

මේ අතර දකුණු අප්‍රිකා කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පවසන්නේ, ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක් සිදු නොවිය හැකි නමුත් පන්දු යවන්නන්ගේ කිසියම් වෙනසක් සිදු විය හැකි බවයි.

පකිස්ථාන ක්‍රීඩක ෆකර් සමාන් ආබාධයකට ලක් වී ඇති බැවින් එම කණ්ඩායමේ වෙනසක් අපේක්ෂා කෙරෙනු ඇත.

මේ අතර පකිස්ථාන කණ්ඩායමේ නසීම් ෂා පවසන්නේ, ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගය පරාජය වුවද වෘත්තීය ක්‍රීඩකයින්ගෙන් සමන්විත තම කණ්ඩායම ඉදිරි තරගවලදී දක්ෂතා අතරට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...