ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කෙරේ

Share post:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමේ අරමුණින් ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදි ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියොජනය කරමින් 2022 ආසියානු කුසලානයේ අනු ශුරතාවය දිනාගත් කණ්ඩායම් සමාජිකාවන් වු ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් ෂෙහානි රණසිංහ සැරයන් නිළයටත් නායක ගුවන් කාන්තා මල්ෂා ශෙහානි කෝප්‍රල් නිළයටත් ගුවන් හමුදාධිපති තුමන් විසින් උසස් කිරිම සිදුකරන ලදි.

මෙම ඇගයීමේ උත්සවයේ දි ශ්‍රි ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වෙමින් ජයග්‍රහනය කරනු ලැබු හා සහභාගි වු පහත නමි සදහන් ක්‍රිඩක ක්‍රිඩිකාවන් හා ක්‍රිඩා සංචිතයන් හි පුහුණුකරුවන් ගුවන් හමුදාධිපති තුමන්ගේ විශේෂ ඇගයිමට ලක් වු අතර ඔවුන් සදහා සමරු තිළින හා මුදල් ත්‍යාග පිරිනැමිම ද ගුවන් හමුදාධිපති තුමන් විසින් මෙහිදි සිදු කරන ලදි.

1 47 වන ජාතික ක්‍රිඩා උළෙලේ මැරතන් තරගයේ රන් පදක්කම්ලාභී නායක ගුවන් භට තලාවර්ගයේ රත්නපාල
2 ශ්‍රී ලංකා රග්බි 7 තරගාවලියේ හොඳම ක්‍රීඩකයා – නායක ගුවන් භට දර්ශන දාබරේ
3 ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා – නායක ගුවන් භට සඳරුවන්
4 2022 ආසියානු ශූරතාවය දිනූ පැසිපන්දු කණ්ඩාමේ සාමාජිකා – ෆ්ලයින් ඔෆිසර් නිර්මා සසන්ති
5 08 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ අනුශූරතාවය දිනාගත් කණ්ඩායම් සාමාජික කෝප්‍රල් උදේශ් පෙරේරා
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා ක්‍රීඩා සංචිත සභාපතිවරුන්, ගුවන් හමුදා ක්‍රීඩා සංචිත ලේකම්වරුන්, ක්‍රීඩා සංචිත කළමණාකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...