මහ සභාව නීතියට පටහැනියි

Share post:

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව සම්මත කළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා වත්තලදී පැවති එහි විශේෂ මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ මේ වන විට ගැටලුවක් පැන නැගී ඇතැයි වාර්තා වේ.

ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ – (2022) පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ලබා දුන් තුන් මසක සහන කාලය අවලංගු කරමින් ක්‍රීඩා ඇමැතිවරයා ලබාදුන් නියෝගය ඒ වනවිට ප්‍රකාශයට පත්ව තිබීම මෙම ගැටලුවයි.

ඒ අනුව පාපන්දු නව ව්‍යවස්ථාව සම්මත කළ වත්තලදී පැවති විශේෂ මහ සභාව කැඳවනවිට පාපන්දු ආයතනයේ එතෙක් ක්‍රියාත්මක වූ විධායක සභාවේ වලංගුභාවය පිළිබඳ එහිදී ගැටලුවක් පැන නැගී තිබෙන බවද වාර්තා වේ.

ඒ පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමක දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා මෙසේ පැවසීය.

‘එහෙම ගැටලුවක් පැන නැගී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරියේදී කටයුතු කරනවා. මේ තත්වය මත පැරණි ව්‍යවස්ථාවට අනුව මීළඟ පාපන්දු නිලවරණය පැවැත්වීම වඩාත් සුදුසුයි’.

පාපන්දු ආයතනයේ වත්තලදී පැවති විශේෂ මහ සභා රැස්වීමේ දී සම්මත වූ එහි නව ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය හා ලියාපදිංචිය සඳහා මේ වනවිට ක්‍රීඩා අමාත්‍යංශයට යොමු කර තිබේ.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...