කැඩපත සහ ලොකප්

Share post:

මේ ‘‘අර්බුදය සහ අරගලය‘‘ යන මගේ කලා ප්‍රදර්ශනයේ “කැඩපත සහ ලොකප්“ යන කලා කෘතියේ නිල ඡායාරූපයයි. මෙය ඡායාරූප මාධ්‍ය යෙන් සමාජයට ප්‍රසිද්ධ කිරීම අරබයා ඡායාරූපය යොදා ගන්නවා මිස මෙම කෘතිය ඡායාරූප ෂානරයේ කලා කෘතියක් නොවේ. මෙය අයත් වන්නේ ස්ථාපන කලා ෂානරයටයි.

මෙම කෘතිය මගින් නරඹන්නාද කලා කෘතියේ කොටස්කරුවකු සහ element එකක් කරනු ලබයි. මෙහිදී නරඹන්නා සහ කැඩපත අතර ලොකප් හැගවෙන යකඩ දොරක් වෙයි. නරඹන්නාට සිය ප්‍රතිබිම්මබය පෙනෙන්නේ ඒ හරහා ය. යකඩ දොර ප්‍රේක්ෂකයාට පෙනෙන පරිදි ස්ථාපිත කොට ඇත්තේ දොරගුලු ලන පැත්තට නොවේ. එවිට භෞතිකව තමන් සිරමැදිරියක සිටින සිතිවිල්ල ඇති උනත් කැඩපතින් තමන්ටම පෙනෙන ප්‍රතිබිම්මබය නිසා සිර මැදිරියේ ඇතුලත යන්න නරඹන්නාට මානසිකව දෙපලු වේ. එක අන්තයක් වන්නේ තමන් සිර මැදිරියක ඇතුලත බව කැඩපතින් තමන්ට ම පෙනීමයි. අනෙක තමන් ඇතුලත බව මනසින් පෙනීමයි. කැඩපතින් පෙනෙන කොටස අනපේක්ෂිත තත්වයකි. මේ අනපේක්ෂිත තමන් සමග පේන සිර මැදිරි දොරේ ප්‍රතිබිම්මබය නරඹන්නා සිය ඇතුලාන්ත ගවේෂණයට කැදවන අතර එය අපේ රටේ ආර්ථික හා දේශපාලන අර්බුදය තුළ සෑම පාර්ෂවයක ම තමන්ගේ පංගුව ස්වයං පරීක්ෂාවකට කැදවීමටත්, විසදුම වෙනුවට දුෂ්ට මර්දනයේ තත්භාවය හැමෝට ම ස්පර්ෂ කරවිමේ ප්‍රෙයා්ගයක් කිරීමත් තමයි මම කරනු ලැබුවේ.

මෙය කලා ඉතිහාසය තුළ වීදුරු සහ කණ්ණාඩි කලා කෘති සදහා භාවිත කරන ලද පසුබිමට වෙනස් භාවිතාවකි. තමන් ඉදිරියේ තිබෙන භෞතික සිර මැදිරි දොර මනසින් මැකී එහි ප්‍රතිිබිම්භයත් සමග තමන් ප්‍රතිබිම්බගත වීමේ ස්වභාවිකත්වයට අනුරූපව මම මෙය කළෙමි. කැමරාවකින් එම තත්වය කැප්චර් කර ගත නොහැකි ය. එවිට භෞතික සිර මැදිරි දොරත් එහි ප්‍රතිබිම්බයත් යන දෙක ම සමග තමන්ව පෙනේ. ඡායාරූපගත කිරීමේදී එම තත්වය වලක්වමින් දිසාව වෙනස් කරමින් මෙම කෘතිය ඡායාරූපගත කරේ ධනංජය රත්නායකයි. මෙම කෘතියේ දර්පණය මත වින්සන්ට් වැන්ගෝ සිත්තරා විසින් සිය සහෝදරයා වන තියෝ වැංගෝට යවන ලද ලිපියක සටහන් වන ‘‘හෘදය සාක්ෂිය යනු මිනිසාගේ මාලිමාවයි‘‘ යන කියමන උපුටා ස්ටිකර් අකුරු මාධ්‍යෙයන් ඉංග්‍රීසියෙන් අලවා ඇත. මෙහිදී හෘදය සාක්ෂිය යන්න ගාමකත්වයට අදාලව සංයෝග කෙරේ. වැන්ගෝ සියදිවි නසා ගත් සිත්තරෙකි. ඔහු මානසික රෝගියෙකුද වූයේ ය. මානසික අසමතුලිතතාවන්ගෙන් යුක්ත මිනිසුන් පරිභවයට හා පිඩාවට ලක් කිරීමේ ශ්‍රී ලාංකේය කැත පුරුද්දට එරෙහිවද මේ කෘතිය ක්‍රියාමය කෙරේ.

Mirror and lock-up (2023)
කැඩපත සහ ලොකප් / கண்ணாடி மற்றும் பூட்டு
219 x 192 x 899 cm

Mirror, iron, wood, stainless steel, brass, rubber, auto paint, stickers
compounds, canvas, oil paint

ප්‍රදර්ශනය 15 වෙනිදා තෙක් පැවැත්වේ.

සුජිත් රත්නායක

ඡායාරූප – ධනංජය රත්නායක

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...