ඉන්දීය සැපයුම්කරුවන්ගෙන් ඝෘජුවම ඖෂධ මිලදී ගන්න යයි

Share post:

මෙරටට අවශ්‍ය ඖෂධ ඉන්දීය සැපයුම්කරුවන්ගෙන් සෘජුව මිලදී ගැනීමට තීරණය කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත පවසයි.

ලේකම්වරයා පැවුසවේ, ඊට අදාළ ඇනවුම් කිරීමේ කටයුතු ද මේ වන විට සිදුකර ඇති බවයි.

දැනට ඖෂධ වර්ග 150 ක පමණ හිඟයක් රට තුළ පවතී.

ලේකම්වරයා පැවසුවේ, ලබා දුන් ඇනවුම් අනුව ඉදිරි දින 14 තුළ අදාළ ඖෂධ වර්ග මෙරටට ලැබෙනු ඇති බවයි.

ඉන්දීය ණය පහසුකම යටතේ, ඖෂධ වර්ග ඇතුළු අයිතම 1700 ක් පමණ මෙරටට ලැබීමට නියමිත වුවත්, හටගෙන ඇති ප්‍රමාදයක් හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇතැයි, ඔහු පැවසී ය.

මේ අතර, දැනට කල්ඉකුත්ව ඇති ෆයිසර් එන්නත් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සලකා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත්කර තිබේ.

අදාළ කමිටුවේ නිර්දේශ මත ඉදිරි තීරණ ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...