ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත කාන්තාවන්ට ජය

Share post:

කාන්තා ලෝක කුසලාන ටී ටුවෙන්ටි ක්‍රිකට් තරගාවලියේ තරග දෙකකින් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ජය ලබයි. A කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව නවසීලන්තය අතර තරගය පැවැත්විණ. මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ කඩුලු 9කට ලකුණු එකසිය හැත්තෑ තුනක් රැස් කළහ. ඇලීස් හීලි ලකුණු 55 යි. මැග් ලෙනින් ලකුණු 41 ක් සහ එලීස් පෙරී වේගවත් ලකුණු 40 ක් රැස් කළහ. ලී ටහුහු ලකුණු 37 කට කඩුළු 3 යි. ඇමේලියා කර් ලකුණු 23 කට කඩුළු 3 ක් බිඳ හෙලීමට සමත්වූවාය. නවසීලන්ත ක්‍රීඩිකාවෝ ලකුණු 76 කට දැවී ගියහ. ඇමේලියා කර් ලකුණු 21 යි. ඈෂ්ලි ගාඩ්නර් ලකුණු 12 කට කඩුළු 5 යි. ඒ අනුව කුණු 97 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

B කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ එංගලන්තය තරග වැදිණ. මුලින් පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩිකාවෝ ලකුණු 135ක් රැස් කළහ. හීලි මැතිව්ස් ලකුණු 42 යි. සොෆී එක්ලෙස්ටන් ලකුණු 23 කට කඩුළු 3 යි. 15 වන පන්දුවාරයේදී තරගය ජයගැනීමට එංගලන්තය සමත් වූයේ කඩුළු 3 ක් පමණක් බිඳවැටී තිබියදීයි. නැට් ෂීවර් බ්‍රන්ට් නොදැවී ලකුණු 40 යි. කාන්තා T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙයි. ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සවස 6:30 ට ඇරඹෙයි. තරගාවලියේ පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය සමග රාත්‍රී 10:30 ට තරග වදිති. එය B කාණ්ඩයේ තරගයකි.

වජිර කැලුම් පෙරේරා

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...