එයා දැන් බැඳලා Trending ඇයි?

Share post:

සංසාරේ දඩයක්කාරයා, 28 , කර්ම, සංඛාරා වැනි සම්මානිත චිත්‍රපට අධ්‍යෂණය කළ ප්‍රසන්න ජයකොඩි වසර 20කට පමණ පසු නිර්මාණය කළ ටෙලි නාට්‍යයක් වන මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවෙහි විකාශය වන ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යය පිලිබඳ සංවාදාත්මක කතිකාව පෙබරවාරි 13 සවස 3.00 ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

අදහස් දැක්වීම
විදර්ශන කන්නන්ගර
තනුජා ජයවර්ධන
සඳුන් ප්‍රියංකර විතානගේ
මනෝරම වීරසිංහ

මෙහෙයවීම
ප්‍රියන්ත කොඩිප්පිලි

‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යයට, මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල, ප‍්‍රදීප් රාමවික්‍රම, ප්‍රියන්ත සිරිකුමාර, ප්‍රසන්න දැකුම්පිටිය, ගීතා අලහකෝන් “එයා දැන් බැඳලා” වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබාදෙයි.

ටෙලියේ නිෂ්පාදනය වසන්ත කන්නන්ගර, කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ, සංස්කරණය රංගන සිංහාරගේ, සංගීත අධ්‍යක්ෂණය ගයාන් ගණකධාර, ගායනය අජිත් කුමාරසිරි, නිෂ්පාදන විධායක නිශාන්ත රණසිංහ, කලා අධ්‍යක්ෂණය සුරංග ගුණතිලක, වෙස් ගැන්වීම් ප්‍රේමලාල් ලියනගේ, ඇඳුම් නිර්මාණ වසන්ති අල්විස්, නිෂ්පාදන කළමනාකරු නලින් ප්‍රේමරත්න, පළමු සහය අධ්‍යක්ෂ ගිම්හානි ඉඩම්මුදලිගේ, රේඛිය නිෂ්පාදනය සුමුදු ගුරුගේ විසිනි.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...