කල්දැමීමේ පෙත්සමේ විභාගය 23දා : මැතිවරණ කොමිසමේ ප්‍රතිඥාව පිළිබඳ සෑහීමට පත්වෙයි – ඡන්දයට අධිකරණයෙන් ඉඩ !

Share post:

සැලසුම් කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිෂන් සභාවට අවසර ලබාදී තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකළ රීට් පෙත්සම් 02ක් අද (10) කැඳවිණි. එහිදී මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදෙමින් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කොමිසම පියවර ගන්නා බවයි.

මෙම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමට පත්වන බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයට දැනුම් දුන්හ.

ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එම පෙත්සම් විභාගය අවසන් කරන ලදි. එස්. තුරෙයිරාජා, ඒ.එච්.ඩි. නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් මෙම පෙත්සම් සලකා බැලූහ.

මේ අතර යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර්.විජේසුන්දර විසින් මැතිවරණයට අදාළ සියලු කටයුතු වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන 23දා විභාගයට ගැනීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද කටයුතු ලබන 22දා ආරම්භ කිරීමට නියමිත ය.

Related articles

“අපි හැමෝම තේ කොළ වගේ ඈන්මරී. උණුවතුරෙ පැහෙනකං තේ කොළ දන්නේ නෑ තමන්ට තියෙන හැකියාව.”

උක්ත උපුටනය විරාජිනී තෙන්නකෝන් නම් ලියන්නිය විසින් වැවූ කැමෙලියා දල්ලකින් කඩා ගත්තකි. උණූවතුරේ පැසෙන්නා වූ තේ කොළ මේ...

“ඔව්, මං සරාගිකයි. රාගික සිතුවිලි වැඩියි.” ‘ප්‍රේමයේ මහඇදුරු’ පටන් ගන්නෙ එහෙම

"මනෝවිද්‍යාත්මකව ගැහැනිය ඒක පුරුෂ නැහැ. බහු පුරුෂයි. පිරිමියා ඒක භාර්යා නැහැ. බහු භාර්යායි. කිසිම පිරිමියෙක් කවමදාක්වත් එක ගැහැනියකගෙන්...

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...