SSP නිල නිවසේ සිට වීඩියෝ කරලා : ජීවිත තර්ජන ගැන කරන්නාගොඩගෙන් සීඅයිඩියට පැමිණිල්ලක් !

Share post:

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් රහසිගත වීඩියෝ දර්ශන ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබී තිබේ.

මේ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ආණ්ඩුකාරවරයාගේ කුරුණෑගල වැව රවුමේ පිහිටි නිල නිවස, කුරුණෑගල නගරයේ පිහිටා ඇති ආණ්ඩුකාර කාර්යාලයේ සිට නිල නිවස වෙත ගමන් ගන්නා මාර්ගය මෙන්ම පෙර ගමන් රථය කිසියම් පිරිසක් විසින් වීඩියෝ ගත කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් බව වාර්තා වේ. එසේ වීඩියෝ ගත කළ දර්ශන කිසියම් අයෙකු විසින් ආණ්ඩුකාරවරයා වෙත ලබාදී ඇති බව ද සඳහන් ය.

වාර්තා වන ආකාරයට ආණ්ඩුකාර නිල නිවසට අදාළ වීඩියෝ දර්ශන ලබාගෙන ඇතැයි සඳහන් කර ඇත්තේ ඊට යාබද ව පිහිටා ඇති කුරුණෑගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අයත් නිල නිවසේ සිට ය. තමන් නිල නිවසේ නොමැති අවස්ථාවක කිසියම් අයෙකු විසින් මෙම දර්ශන ලබාගෙන ඇති බව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නද, එය මන්දගාමීව සිදුවීම හේතුවෙන් මෙසේ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරණ බව ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබේ.

අදාළ තත්ත්වය සලකා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ලබාදී ඇති ආරක්ෂාව ද මේ වන විට වැඩිකර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...