කොපි වෙනුවට ඔරිජිනල් ඉල්ලන වෙලාවක ; ගජමෑන් !

Share post:

සතුට පත්තරයේ ගජමෑන් ඉපදුණේ මේ ලියුම්කරු ඉපදෙන්නත් කලින්. ගජමෑන් සතුටෙන් සිත්තරට ඇවිත් සිත්තරෙන් සත්සිරි දක්වා ගිය ගමනේ සෑහෙන කොටසක් දුටුව සාක්ෂිකාරයනුත් ලියුම්කරුගේ පරම්පරාව තමයි.

ඊට අමතරව, ගජමෑන්, විවිධ උත්සව කාලවලදී වෙනම විශේෂ පත්තරයක් හැටියටත් පාඨක දෝතට ඇවිත්, වෙනම රහක් දීලා ගියා. සෙල්ලං සේන, දොං සේතං, පද්මාවතී, ටික්කා, සිරිබිරිස්… මේ හැමෝම ගජමෑන් නිර්මාතෘ කැමිලස් මහත්තයගෙ තෙළිතුඩෙන් උපන්නේ.

ඒ ද්විමානයෙන් මුද්‍රිත ගජමෑන්, කඩදාසියේ සිට සිනමා තිරය දක්වා එන්නේ ත්‍රිමාණ සජීවකරණයෙන් පණ ලබලා. ඒක වෙනම අද්දැකීමක්. කැමිලස්ගේ ගජමෑන් ත්‍රිමාණ සිනමා අද්දැකීම එලෙසින්ම ඔබට විඳගන්න පුළුවන් වෙන්නෙ සිනමා ශාලාවකදී විතරයි.

ලියුම්කරු සමග ගාමින්ද කළ – නුදුරේදී නිකුත්වන්නට නියමිත Ktube සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කියනව, කෙරෙන්නෑ කියල හිතපු ත්‍රිමාණ ගජමෑන්, ඇත්තක් බවට පත් කරන්න චානකලා මහන්සි වෙච්ච තරම.

ඒක අලුත් පරම්පරාවේ මහන්සිය. ඒ මහන්සියට අපි හිස නමන්න ඕන. ගජමෑන් පළමු ත්‍රිමාණ සිනමා පියවර තියනකොට, මේ ලියුම්කරු වගේ පැරණි පාසැලේ චිත්‍රකතා ලෝලීන් හීන දකිනවා, බැට්මෑන්ලාට නොදෙවෙනි යුනිකෝ වගේ වීර චරිත ත්‍රිමාණ සිනමාවට එන විදිහ ගැන.

හෝල් එකට ගිහිල්ලා විසිල් පාරවල් මැද බයිස්කෝප් එකක් බලන එකේ සොමිය, මගහරින්න එපා. ඒ ගජමෑන්ට අහුවෙච්ච, මේ ගජමෑන්ට මිස් වෙච්ච දේවල් ලියුම්කරු දකිනවා. ඒත් ඒ දැක්ම විනෝදයට බාධාවක් නෙමේ. විනෝද සංස්කෘතිය, ජීවිතය අත්නොහරින්න කොන්දේසි විරහිතව උදව් කරන බවයි ලියුම්කරුගේ හැඟීම.!

විමල් කැටිපෙආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...