කොට්ඨාස 21 ක් ඩෙංගු අධිඅවදානමේ

Share post:

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 21 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකය නිවේදනය කළේ, අධිඅවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් කොට්ඨාස 9 ක ඩෙංගු රෝගීන් වාර්තාවීම තවදුරටත් ඉහළ යමින් ඇති බව ය.

පිළියන්දල, හාරිස්පත්තුව, උකුවෙල, බදුල්ල, කෑගල්ල සහ මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අලුතින් හඳුනාගත් අධිඅවදානම් කලාප බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ ය.

මේ වසරේ 43 වන සතියේ වැඩිම ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම අගය 143 කි.

පසුගිය වසරේ මේ කාලසීමාවේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,296 ක් වුවත්, මේ වසරේ එය රෝගීන් 14,937 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය රෝගීන් 7,641 දෙනෙකුගේ වැඩිවීමකි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,435 ක් වන අතර එය පසුගිය වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව රෝගීන් 40,248 දෙනෙකුගේ වැඩිවීමක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසී ය.

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...