කෙහෙළියගේ නඩුව දෙසැම්බර් 09

Share post:

2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට තිබෙන නඩුව “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා දෙසැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, එම නඩුවට අදාළ අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසය.

ඊට තමන් විරුද්ධ වන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට දන්වා සිටියේය.

පූර්ව නඩු විභාග අවස්ථාවේදී එම විරෝධතා ඉදිරිපත් කිරීමේ අයිතිය රඳවා ගන්නා බවත් විත්තියේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

අනතුරුව නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මස 09 වනදා යොමු කිරීමට නියෝග කළ විනිසුරුවරයා එදින අදාළ සංශෝධන ඉදිරිපත් කරන මෙන් අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.

2012 වසරේ මැයි 01 වනදා සිට කාලසීමාව තුළ ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගාස්තු වශයෙන් ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවන ලෙස නිලධාරීන්ට බලකීරීම තුළින් රජයට පාඩුවක් සිදුකිරීම හරහා අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...