කෙහෙළියගේ නඩුව දෙසැම්බර් 09

Share post:

2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට තිබෙන නඩුව “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා දෙසැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, එම නඩුවට අදාළ අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසය.

ඊට තමන් විරුද්ධ වන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට දන්වා සිටියේය.

පූර්ව නඩු විභාග අවස්ථාවේදී එම විරෝධතා ඉදිරිපත් කිරීමේ අයිතිය රඳවා ගන්නා බවත් විත්තියේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

අනතුරුව නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මස 09 වනදා යොමු කිරීමට නියෝග කළ විනිසුරුවරයා එදින අදාළ සංශෝධන ඉදිරිපත් කරන මෙන් අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.

2012 වසරේ මැයි 01 වනදා සිට කාලසීමාව තුළ ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගාස්තු වශයෙන් ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවන ලෙස නිලධාරීන්ට බලකීරීම තුළින් රජයට පාඩුවක් සිදුකිරීම හරහා අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.

Related articles

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...

ධාවන පිටියේ අර්බුධය

ලෝක මලල ක්‍රීඩාව ගැන කතා කලොත් අමතක කරන්න බැරි වචනය හෝ රට ජැමෙයිකාව.ඇමරිකා එක්සත් ජනපදයේ කෙටි දුර ආධිපත්‍යට...

බොහිමියානු පැවැත්මක් ඇති විෂ්ණු වාසුගේ Made in India

සංචාරක අත්දැකීම් ආඛ්‍යානගත කිරීම වර්තමානයේ ජනප්‍රිය ව්‍යවහාරයක් බවට පත්ව ඇත. මෙම අත්දැකීම් හුදු ස්ථානීය විස්තර ලෙසද ජන සමාජය...

වැටුපට සිරගතවූවෙකුගේ මතකය පහුරුගෑම හෙවත්, සිරකරුවා දෙස යතුරු හිලකින් බැලීමට බලකිරීම

මො.ල. සෙනවිරත්නගේ “සිපීර්” කියපන් මටඅහන්නම් මමබැනපන් මටඅහන්නම් මමගහපන් මටවිඳින්නම් මමමරපන් මමමැරෙන්නම් මමකොඳුරන්න එපා මටමුමුණන්න එපා මටඉවසන්න බෑ මට එක්තරා නත්තල්...