අප ඇත්තටම සූදානම් ද?

Share post:

සමකාලීන ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයක් විය හැකි තුර්කි – සිරියා භූමිකම්පාව මේ වනවිට මිනිස් ජීවිත 6000කට වැඩි පිරිසක් ගොදුරුකරගෙන තිබෙනවා. තට්ටු නිවාස සහ ගොඩනැගිලි සියගණනක් එහෙම පිටින්ම පොළොවට වැළලී ඇති තුර්කියේ මිනිසුන් පොළොවට යටවූ ජීවිත සොයා තම දෑතින් පොළොව කණිමින් තිබෙනවා. සහන සේවකයින් නොයෙක් රටවල් වලින් මේ වනවිටත් තුර්කිය වෙත ළඟා වෙමින් තිබෙනවා.

මේ සිදුවූ භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.5 සහ 7.8 අතර වියහැකියැයි සඳහන් වෙනවා. තවත් දහස් ගණනක් තවමත් පොළොවයට සිරගතව ඇතැයි සහන සේවයකින් අනුමාන කරනවා. ඒ අතර මේ වනවිට තුර්කියේ කාලගුණය ඉතාම සීතල අතර එය සෙල්සියස් මයිනස් (C-) අගයක් යැයිද වාර්තා වෙනවා.

ගොඩනැගිළි කඩාවැටීමෙන් නින්දේදීම මරණයට පත්වූ සහ පොළොවට යටවූ සිය දහස් ගණනක් මිනිසුන් පිළිබද කිසිදු විස්තරයක් මේ වනවිටත් වාර්තාවන්නේ නැහැ. ඉනුත් විශාල ප්‍රමාණයක් ස්ත්‍රීන් සහ දරුවන් වියහැකි බව සහන සේවකයින් පවසනවා.

මේ ප්‍රදේශයේ භූගෝලීය තත්වය ගැන පර්යේෂණවල නියැලෙන ඇමෙරිකානු භුගෝල විද්‍යා සමීක්ෂකයින් පවසන්නේ මියගොස් ඇති ගණන අවම වශයෙන් 10000ක් පමණ ඉහළ අගයක් වියහැකි බවයි.
බොහෝ තුර්කි වැසියන් පවසන්නේ මේ පැමිණ තිබෙන්නේ අප කවදා හෝ බලාපොරොත්තුවෙන් සිටි ලෝක විනාශය බවයි (apocalypse).

සත්‍යලෙසම අප හමුවට කොයි මොහොතක හෝ පැමිණිය හැකි මෙවන් දැවැන්ත ව්‍යසන වෙනුවෙන් අප තවමත් මිනිස් ශිෂ්ටාචාරයක් ලෙස සුදානම් ද?

මහේෂ් හපුගොඩ

Image@CNBC

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...