තුර්කිය…අප ඔබ සමඟයි…

Share post:

ඊයේ සිදුවූ තුර්කි භූමිකම්පාව අතරතුර ඉන්ස්ටග්රෑමයේ සහ මුහුණුපොතේ වයිරල් වූ සුන්බුන් අතරින් තම ආදරණීයයා සොයන බලු සුරතලාගේ ඡායාරූප දෙක චෙච් ජාතික ඡායාරූප ශිල්පියෙක් වන ජරෝස්ල්වෝ නොස්කා (Jaroslav Noska) විසින් 2018 වසරේ ගනු ලැබූ ඡායාරූපයක් බව ඇසෝසියේට් ප්‍රෙස් (AP) ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබෙනවා.

මේ අති බිහිසුණු තුර්කි භූමිකම්පාව අතරතුර ඊයේ දිනයේ යම් පුද්ගලයෙකු විසින් ඉන්ස්ටග්‍රෑම් මාධ්‍ය තුළට මේ ඡායාරූපය එකතු කර තිබුණේ ”තුර්කිය වෙනුවෙන් යාඥාකරන්න” (Pray for Turkey) යන වැකියද ඇතුළත්වයි. ඒ බෙදාගැනීම් 9000 සමඟ.
එම ඡායාරූපයම ට්විටර් සහ ෆේස්බුක් අඩවිවලටත් එකතු වී තිබුණා. ඒ ‘බලු සුරතලෙක් භූමිකම්පාවෙන් අනතුරට ලක්වූවෙකුට උදව් කිරීමට හදමින්’ යන වැකිය සමඟ.

ඇතැම් අය මේ ඡායාරූපය බෙදාගෙන තිබුණේ සදාතනික ආදරය (eternal love) යන වැකිය සමඟ.
2018 ඔක්තෝබර් 17 දාතම යටතේ නොස්කාගේ මෙම ඡායාරූපය ෂටර්ස්ටොක් වෙබ් අඩවියේ දැකගන්න පුළුවන්.
සංස්කරණමය පෙරහනක් නොමැති සමාජ මාධ්‍ය යනු පශ්චාත් සත්‍යයේ යුගයක් බව සැබෑවක් වුව ද කුමන හෝ අනුවේදනීය ආකාරයකින් මිනිසුන් මේ මහා ව්‍යසනය සමඟ සම්බන්ද වෙමින් පැවතීම වැදගත් කරුණක්.

තුර්කිය..අප ඔබ සමඟයි.

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...