පැරසිටමෝල්වත් නැහැ : කරාපිටියේ උග්‍ර බෙහෙත් හිඟයක්

Share post:

ඇතැම් රෝහල්වල පැරසිටමෝල් පවා දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සාමාන්‍යයෙන් රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඖෂධ වර්ග 1300කට අධික ප්‍රමාණයක් මෙරට තුළ භාවිත කෙරෙන අතර ඒ අතර පවතින ඖෂධ වර්ග 383 ක් අත්‍යවශ්‍ය ඖෂධ ලෙස සලකනු ලබයි.

මේ වනවිට රටතුළ එවැනි ඖෂධ වර්ග 160 ක පමණ ප්‍රමාණයක හිඟයක් පවතින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරත් පෙන්වාදෙයි.

මේ අතර කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසික හා බාහිර රෝගීන්ට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක් පවතින බව රෝහල් අරංචි මාර්ග පවසයි.

ඒ හේතුවෙන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා දිනකට දහසකට අධික රෝගීන් සංඛ්‍යාවක් දැඩි අපහසුදාවයකට පත්ව ඇති අතර ඔවුනට ආරක්ෂිතව ඖෂධ ලබා දීමට කවර පවා නොමැති බව සඳහන් වේ.

බෙහෙත් දැමීම සඳහා කවර නැති බවට දැන්වීමක් ද රෝහලේ අලවා ඇත. එක් දහස් පන්සියයකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් නේවාසිකව සිටින අතර ඔවුන්ගේ ඊ.සී.ජී. පරික්ෂණ දත්ත ලබා ගැනීම සඳහා අවශ්‍ය කඩදාසි පටිවල පවා හිඟයක් පවතී.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...