ආර්ථික අර්බුධයෙන් වැඩිපුරම බැට කන්නේ ළමුන් සහ කාන්තාවන්

Share post:

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් හා ළමුන් බව ආසියා හා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම පවසයි.

එම කොමිසමේ දකුණු හා නිරිත දිග ආසියා කාර්යාල ප්‍රධානී මිකිකො ටනාකා මහත්මිය පවසන්නේ, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම තු‍ළින් පවුල් පරිසරය තුළ කාන්තාවන් හා දරුවන් සුරක්ෂිත කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බවය.

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මිකිකො ටනාකා මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ.

ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම විසින් මේ වන විටත් මෙරට ව්‍යවසාය සංවර්ධනයට ප්‍රවර්ධනයට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් ඉදිරියේ දී තම සංවිධානයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් මිකිකො ටනාකා මහත්මිය එහිදි වැඩිදුරටත් සඳහන් කළාය.

මෙහිදි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සම්බන්ධීකරණය කරමින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වන විටත් තම අමාත්‍යාංශය හා රජය කටයුතු කරමින් සිටින බවය.

ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවා ඇති බවත් ග්‍රාමීය මට්ටමින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී ඔවුන් නඟාසිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...

දෙකක්නායකයන් දෙදෙනෙක් – කතා දෙකක්

දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි අප්‍රේල් මස දෙවැනිදා, මුම්බායි හි වන්කඩේ පිටියේ දී ලෝක කුසලාන...