ආරාධිතයන් නෑ – පොල්තෙල් පහන් නෑ : අරගලයේ කලා ප්‍රදර්ශනය – ‘අර්බුදය සහ අරගලය’ 7දා සිට !

489

සුජිත් රත්නායකගේ ‘අර්බුදය සහ අරගලය‘ කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8දා සිට 15දා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ.

පෙ.ව.9 සිට ප.ව. 8 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, 7දා පස්වරු 4ට විවෘත කෙරේ. ප්‍රධාන ආරාධිතයකු නැත. පොල් තෙල් පහන් පත්තු කිරීම, පීත්ත පටි කැපීම, කතා බතා …..මේ මොකවත් නැත. මේ අරගලයේ කලා ප්‍රදර්ශනයයි. ප්‍රදර්ශනය ඉදිරිපත් කරනු ලබන්නේ ‘ගෝල්ෆේස් චිත්‍රාගාරයේ අපි’ සාමූහිකය විසිනි.
ප්‍රදර්ශනය කියුරේට් කරනු ලබන්නේ ‘ගෝල්ෆේස් අරගල බිමේ චිත්‍රාගාරයේ’ සාමාජිකයින් කිහිපදෙනෙකු සහ ඔවුන්ගේ ආරාධනයට ලක් වූ ආරාධිත සාමාජිකයින් කිහිපදෙනෙකුගෙන් සමන්විත ප්‍රදර්ශන කමිටුවක් විසිනි.