හතුරු බංගලාදේශය සමග යළි මිතුරු වෙයි

Share post:

බංග්ලාදේශ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩාමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චන්දික හතුරුසිංහ යළිත් පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ් බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ටෙස්ට් හා එක්දින පුහුණුකරු වූ දකුණු අප්‍රිකානු ජාතික රසල් ඩොමින්ගෝ පසුගිය මාසයේදී සිය තනතුරින් ඉල්ලා අස්වීමත් සමගයි.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඊයේ අඟහරුවාදා (31) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඔහු වසර දෙකක කාලයක් සඳහා නව ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර ඇති බවයි.

ඒ් අනුව හතුරුසිංහ මෙම පෙබරවාරි මාසයේ සිට බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග එක්වනු ඇත.

මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායමේ විස්සයි20 පුහුණුකරු ලෙස එස්. ශ්‍රීරාම් කටයුතු කරන අතර ඔහු විස්සයි20 පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කළ හොත් හතුරුසිංහ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

එහෙත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙතෙක් චන්දික හතුරුසිංහ කටයුතු කරන්නේ කුමන ආකෘතින් භාරවද යන්න පැහැදිලිව දැනුම් දීමක් සිදු කර නැත.

“අපි වසර දෙකකට හතුරුසිංහව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා,” BCB ප්‍රධාන විධායක නිසාමුදීන් චවුද්‍රි උපුටා දක්වමින් Cricbuzz වාර්තා කළේය.

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන හතුරුසිංහ මීට පෙර 2014 සිට 2017 දක්වා බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ඔහුගේ පෙර පුහුණු කාලය තුළ, බංග්ලාදේශය ඉන්දියාව, පකිස්ථානය සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු වරට එක්දින තරගාවලි ජයග්‍රහණය කළේය.

මේ අතර ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණ ලබා ඇති අතර ඔහුගේ පුහුණු කාලය තුළ බංග්ලාදේශය 2017 චැම්පියන්ස් කුසලානයේ අවසන් පූර්ව වටයට ද පැමිණියේය.

චන්දික හතුරුසිංහ යටතේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පැහැදිලි වෙනසකට ලක්වූ අතර ඒ හේතුවෙන් හතුරුසිංහගේ පුහුණුකාරීත්වය පිළිබඳව ක්‍රිකට් ලෝකයේ අවධානය යොමු විය.

අනතුරුව 2017 වර්ෂයේදී එම තනතුරින් ඉවත්ව ශ්‍රී ලංකා හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් එක්වුවද අපේක්ෂිත අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් පිටියේ දක්ෂතා අතරට නොපැමිණියේය.

නිවේදනයක් නිකුත් කරමින් හතුරුසිංහ කියා සිටියේ “නැවත වරක් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වීමට ලැබීම ගෞරවයක්. මම බංග්ලාදේශයේ මිනිසුන්ට ඔවුන්ගේ සංස්කෘතියට සැබවින්ම ආදරය කළෙමි. එමෙන්ම මට නැවත වරක් ක්‍රීඩකයන් සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ සාර්ථකත්වයන් භුක්ති විඳීමටත් බලාපොරොත්තු වන බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...