ටයර් නිකොල්ස් වෙනුවෙන් ඇමෙරිකන් ජනතාව අද වීදි බසියි

Share post:

ඇමෙරිකාවේ මෙම්පිස් පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කළ ටයර් නිකොල්ස් (Tyre Nichols) වෙනුවෙන් ඇමෙරිකන් ජනතාව අද දවසේත් වීදි බැස තිබෙනවා.

විසි නව හැවිදිරි නිකොල්ස් මාංචු සහිතව සිටියදී බිම දමා පහරදෙන අමානුෂික ආකාරය ඔහුගේ ශරීර කැමරාවේ සටහන් වී තිබෙනවා. පහරදීමෙන් දින තුනකට පසු ඔහු සදහටම දෑස් පියාගන්නවා .

මීට එරෙහිව නිව්යෝක් නගරයේ මෙන්ම බොස්ටන්, ඇට්ලන්ටා, ලොස් ඇන්ජලීස් සහ බල්ටිමෝ යන නගරවල මේ වනවිට විරෝධතා පැවැත්වෙනවා. මීට සම්බන්ද සියලු පොලිස් නිලධාරීන් මිනිස් ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් වන පොලිස් ප්‍රතිඥාව චේතාන්විතව උල්ලංඝනය කර ඇති බවට විරෝධතා කරුවන් කියාසිටිනවා.

ආරක්ෂක අංශ ඉදිරියේ තරුණ ජනයාගේ ජීවිත අතිශයින් අවදානම් බව මේ අනුව පෙනී යන බව විචාරක මතය වන අතර ඇමෙරිකාවේ මිල අධික බල්ලෙක් තත්වය පවා මීට උසස් බව රැස්වූ තරුණ විරෝධතාකරුවන් සඳහන් කරනවා.

”නිකම් හිතන්න මිල අධික බල්ලෙක් මෙහෙම පාරේ පයින් ගහල මරල දැම්ම කියල. එහෙනම් ඒක සත්ව අයිතිවාසිකම් යටතේ ඒක ලොකු ප්‍රවෘත්තියක් වෙනවා”.

අමෙරිකාව කියන රටේ අද වෙද්දී මිනිස් ජීවිතයක් කියන්නේ මිළ අධික බල්ලෙක්ටත් වඩා නොවටිනා දෙයක්…
තරුණ ජිවිතවල වටිනාකම නම් කොහෙත් ඔහොම තමයි!

මහේෂ් හපුගොඩ

CNN

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...