80 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයා කේ.බී.හේරත් දිවි සැරිය නිමාකරයි

Share post:

ඔහු 80 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියා ය. 1979 සුදු කරල් නිෂ්පාදනය සමග 1999 තෙක් මායාදේවී,නාග ගුරුළා, දෝන කතිරිනා,දෙවෙනි මහින්ද හා වාසුදේව යන වේදිකා නාට්‍ය නිර්මාණකරුවා කේ.බී. ය. රාජ්‍ය සම්මානයෙන් මෙන්ම නාට්‍ය කීර්ති සම්මානයෙන් ද පිදුම් ලද ඔහුට පසුගිය වසරේ දී සෞන්දර්ය විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධිය ද පිරිනමන ලදි.

වේදිකා නාට්‍ය මෙන්ම රූපවාහිනී නාට්‍ය රචනයෙහි ද හපන් කේ.බී.ගේ රූපවාහිනී ටෙලිනාට්‍ය රචනා සඳහා OCIC සුමති ආදී ටෙලි සම්මාන දිනා ඇත. ඉසිවර අසපුව, ගජමන් නෝනා හා ඉන්ගම්මාරුව වැනි ටෙලි රචනා ඒ අතර ප්‍රධාන වේ. නාට්‍ය පෙළ සඳහා ද ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනා ඇත්තේ ය.

අවමඟුල් කටයුතු පහත පරිදි සිදු කිරීමට නියමිතය.

ජනවාරි 30 පෙරවරු 10 සිට එදින රාත්‍රිය තෙක් ජයරත්න අවමඟුල් ශාලාවෙහිද
ජනවාරි 31 පෙරවරුවේ සිට පෙබරවාරි 01 බදාදා දහවල් 2 තෙක් ජයරත්න VIP – Respect හි ද අවසන් ගෞරව සඳහා දේහය තැන්පත් කර තබනු ඇත.

අවසන් කටයුතු පෙබරවාරි 01 බදාදා පස්වරු 2.30 ට සිදුකිරීමට නියමිතය.

80 කණ්ඩායම

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...