යුක්තිය නැති අපරාධ : කළු ජනවාරි සැමරුම මඩකලපුවේදී !

Share post:

නැගෙනහිර මාධ්‍ය සමාජය සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව කළු ජනවාරි සැමරුම අද (28) මඩකලපුව ගාන්ධි උද්‍යානයේ පිහිටි මාධ්‍ය ස්මාරකය අසලදී සිදුකෙරිණි.

ඝාතනයට ලක්කළ මාධ්‍යවේදීන් අනුස්මරණය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යවේදීන්ගේ එකමුතුව විසින් මෙම ස්මාරකය ස්ථාපිත කර ඇත.

ජනවාරි මාසය යනු මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වැඩියෙන් ම සිදුකර ඇති මාසයයි. එම නිසා මෙසේ කළු ජනවාරි සැමරුම සෑම වසරක ම සිදුකරනු ලබයි.

මෙසේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ කිසිදු අපරාධයකට සෘජුව වගකිවයුතු කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. අත්අඩංගුවට ගෙන හෝ අධිකරණයට ඉදිරිපත් කර හෝ ඇත්තේ එම අපරාධවලට අදාළ සාක්ෂි වෙනස් කිරීම හෝ විකෘති කිරීම හෝ සම්බන්ධයෙන් වන සැකකරුවන් පමණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...