ආදායම් බද්දෙන් විනිසුරුවරුන් බේරයි? : බදු පිළිබඳ අතුරු තහනම් නියෝගයක් !

Share post:

පුද්ගල ආදායම් බදු අයකිරීමේ තීරණයෙන් විනිසුරුවරුන් තාවකාලිකව ඉවත් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ නව සංශෝධනයට අනුව 2023 ජනවාරි 01 දින සිට අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අයකිරීම සිදු කළ යුතු බවට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබිණි. ඒ අනුව ජනවාරි මස වැටුපෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කපාහැරීම පිළිබඳ මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ.

කෙසේ වෙතත් අද (25) දින අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් වෙනුවට එහි ප්‍රධාන මූල්‍ය නිලධාරි ආර්.එම්.ඩි.කේ. රාමනායකගේ අත්සනින් යොමුකර ඇති ලිපියක සඳහන් වන්නේ අධිකරණ විනිසුරුවරුන්ගේ මෙම බදු අයකිරීම තාවකාලිකව සිදු නොකරන බවයි.

‘අධිකරණ විනිසුරුවන් සඳහා බදු අයකිරීම සම්බන්ධව අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇති බව දන්වා ඇති බැවින් 2023 ජනවාරි මස අධිකරණ විනිසුරුවන්ගේ වැටුපෙන් අයකරන ලද අත්තිකාරම් පුද්ගල ආදායම් බදු සඳහා වන චෙක්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බැරකිරීම තාවකාලිකව නතර කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.’

අධිකරණ අමාත්‍යංශය යටතේ ඇති ආයතන ගණකාධිකාරිවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් වෙත මෙම ලිපිය යොමුකර ඇති අතර, මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ඉදිරියේදී දැනුම් දෙන බව ද එහි සඳහන් වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...