ආදායම් බද්දෙන් විනිසුරුවරුන් බේරයි? : බදු පිළිබඳ අතුරු තහනම් නියෝගයක් !

Share post:

පුද්ගල ආදායම් බදු අයකිරීමේ තීරණයෙන් විනිසුරුවරුන් තාවකාලිකව ඉවත් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ නව සංශෝධනයට අනුව 2023 ජනවාරි 01 දින සිට අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අයකිරීම සිදු කළ යුතු බවට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබිණි. ඒ අනුව ජනවාරි මස වැටුපෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කපාහැරීම පිළිබඳ මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ.

කෙසේ වෙතත් අද (25) දින අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් වෙනුවට එහි ප්‍රධාන මූල්‍ය නිලධාරි ආර්.එම්.ඩි.කේ. රාමනායකගේ අත්සනින් යොමුකර ඇති ලිපියක සඳහන් වන්නේ අධිකරණ විනිසුරුවරුන්ගේ මෙම බදු අයකිරීම තාවකාලිකව සිදු නොකරන බවයි.

‘අධිකරණ විනිසුරුවන් සඳහා බදු අයකිරීම සම්බන්ධව අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇති බව දන්වා ඇති බැවින් 2023 ජනවාරි මස අධිකරණ විනිසුරුවන්ගේ වැටුපෙන් අයකරන ලද අත්තිකාරම් පුද්ගල ආදායම් බදු සඳහා වන චෙක්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බැරකිරීම තාවකාලිකව නතර කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.’

අධිකරණ අමාත්‍යංශය යටතේ ඇති ආයතන ගණකාධිකාරිවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් වෙත මෙම ලිපිය යොමුකර ඇති අතර, මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ඉදිරියේදී දැනුම් දෙන බව ද එහි සඳහන් වේ.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...