Rakuten Viber අලුත් වෙයි!

Share post:

පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber විසින් සිය යෙදුමේ (App) සන්නාම-පරිශීලක සබඳතා ක්‍රම විකාශයේ නව අදියරක් ලෙස ප්‍රධාන විශේෂාංග ද්විත්වයක් ලොව පුරා එළිදැක්වීමට පියවර ගෙන ඇත. නව හඳුන්වාදීම් අතරට Business Inbox සහ Commercial Account එකක් සහිත යෙදුම් ඇතුළත් කළ ඇති අතර, එය Viber හි දිගුකාලීන සුපිරි යෙදුම් උපාය මාර්ගයන් තුළ මීළඟ ඉදිරි පියවර බවට පත්වනු ඇත.

පර්යේෂණ වාර්තාවලට අනුව, පාරිභෝගිකයින්ගෙන් 71% ක් පෞද්ගලිකව අන්තර් සබඳතාවයන් පවත්වනු ඇතැයි සමාගම් අපේක්ෂා කරන අතර, ආයතනවලින් 82% ක් පමණ සේවා හරහා වඩාත් ගුණාත්මක පාරිභෝගික සේවා වටිනාකමක් ලබා දීම සඳහා අගය වැඩි කිරීමේ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි. මෙම නව හඳුන්වාදීම පරිශීලකයන් සහ ව්යාපාර යන අංශ දෙක කෙරෙහිම අවදානයේ තබා ගනිමින්, Viber හි යාවත්කාලීන කිරීම් වඩා ඉහළ පාරිභෝගික අත්දැකීමක් සහ සන්නාම වෙත නැඹුරු කිරීමට ගනු ලැබූ පියවරකි.

සන්නාම-පරිශීලක සන්නිවේදනය වැඩිදියුණු කිරීම අරමුණු කොට ගෙන, Viber විසින් සන්නාම-පරිශීලක අන්තර් සබඳතා සඳහා වෙන්වූ අවකාශයක් පුද්ගලයෙකුගේ සාමාන්ය කතාබස් තිරය තුළින් සෘජුවම ප්රවේශ විය හැකි අයුරින් මෙම Business Inbox යෙදුම ගෝලීයව හඳුන්වා දී ඇත. නිල සන්නාම ගිණුම් වලින් ලැබෙන සියලුම ව්යාපාරික පණිවිඩ එක් ෆෝල්ඩරයක් තුළ (බැංකු දැනුම්දීමක්, බෙදාහැරීමේ සේවාවකින් ඇණවුම් තහවුරු කිරීමක්, වෙළඳසැලකින් ලැබෙන විශේෂ දීමනාවක් වැනි දෑ) ගබඩා කිරීම සහ සකස් කිරීම මෙම විශේෂාංගය ඉඩ සපයා දෙනු ලබයි.


පරිශීලකයාට ඔවුන්ගේ පළමු ව්‍යාපාරික පණිවිඩය ලැබුණු පසු Business Inbox සක්‍රී කෙරෙනු ඇත. මීට පෙර ව්‍යාපාර සමඟ සංවාද කර ඇති පරිශීලකයින් සඳහා, විශේෂාංග යෙදුම නිකුත් වීමෙන් අනතුරුව ව්‍යාපාර සමඟ පවතින සියලුම කතාබස් ස්වයංක්‍රීයව Business Inbox වෙත රැගෙන යනු ඇත. Business Inbox ෆෝල්ඩරය කතාබස් ලැයිස්තුවේ නිර්මාණය කළ පසු, සියලුම ව්‍යාපාරික පණිවිඩ ඒ වෙත යනු ලබයි. Business Inbox මඟින් පරිශීලකයින්ට Viber හි මෙම අත්දැකීම ඔවුන් කැමති පරදි සහ ඔවුන්ට වඩාත් පහසු වන ආකාරයට සන්නාම සමඟ අන්තර් සබඳතා වෙනුවෙන් ඉඩ සලසනු ඇත.

වඩාත් හොඳ මට්ටමේ පාරිභෝගික අත්දැකීමක් ලබා ගැනීම සඳහා තවත් පියවරක් වන්නේ නව Commercial Account විශේෂාංග යෙදුමයි. මෙය හරහා පරිශීලකයින් හට එකම ස්ථානයක දී සන්නාමයක් සමඟ සම්බන්ධ වීම සඳහා සියලු මාර්ග සොයා දෙනු ලබයි. එය සොයා ගත හැකි තනි ව්යාපාරික ආයතනයක් යටතට Viber හි සියලුම ව්යාපාරික තොරතුරු, සේවා සහ කතාබස් සත්කාරකත්වය හිමි වේ.


• Viber හි ප්රධාන සෙවුම් තීරුව තුළ ව්යාපාරයේ නම සඳහන් කිරීමෙන් පරිශීලකයින් හට මෙම ගිණුම් (ව්යාපාර) කල්තියා සොයා ගත හැකිය.
• සෙවීමේ ප්‍රතිඵල නව ‘ව්‍යාපාර’ කොටස යටතට සමූහගත කරනු ලබයි.
• වාණිජ ගිණුමක් ඇතුළු කරන පරිශීලකයින් Viber හි ඇති සන්නාමයේ මාතෘකාව, ලාංඡනය, නිවැරදි ලාංඡනය, විස්තරය, සබඳතා තොරතුරු සහ සන්නිවේදන නාලිකා දකිනු ඇත. සන්නාම පෙනුම වැඩි කරමින් ගිණුම අන් අයට ද යොමු කළ හැකිය.
• පරිශීලකයින් හට තමන් සොයනු ලබන සියලු තොරතුරු සොයා ගැනීමට හැකි බව සහතික කර ගැනීම සඳහා සන්නාමවලට ලිපිනයන් තුනක්, වෙබ් අඩවියක්, දුරකථන අංකයක් සහ අක්ෂර 1000ක් දක්වා විස්තරයක් එකතු කිරීමට හැකි වේ.


සෙවිය හැකි නව Commercial Accounts පරිශීලකයින් හට වැඩි බලයක් සපයා දෙනු ඇත. ඔවුන්ට වෙළඳ නාම සොයා ගැනීමට ඇති හැකියාව, සොයා ගැනීම පමණක් නොව වෙළඳ නාම සමඟ සන්නිවේදන කටයුතු කල්තියා ආරම්භ කිරීමට මේ මගින් හැකි වේ. Commercial Accounts පාරිභෝගිකයින්ගේ අත්දැකීම් ද වැඩිදියුණු කරනු ලබයි. Viber හි ව්යාපාරයක් සමඟ සම්බන්ධ වීමට කැමති පරිශීලකයින් හට ඔවුන් කැමති නාලිකාව තෝරා ගැනීමට සහ විශේෂාංග යෙදුම තුළ කුඩා වෙබ් අඩවි අත්දැකීමක් ලබා ගැනීමට හැකි වේ. මේ අතර, සන්නාමයන් ගනුදෙනුකරුවන් සමඟ සිය සන්නිවේදන කටයුතු විධිමත්ව බාධාවකින් තොරව පාරිභෝගික අත්දැකීම් නිර්මාණය කරනු ලබයි.


Viber හි Commercial Accounts හරහා හැකියාවන් පුළුල් කරමින්, පරිශීලකයින් හට පහසු ලෙස ලබා ගත හැකි සන්නිවේදන නාලිකා, තනි ගිණුමක් යටතේ තවත් සේවාවන් සහ වෙන්කරවා ගැනීම්, ස්ථානය, ව්යාපාරයක් ඇමතීම සහ තවත් බොහෝ දේ ඇතුළුව දිගු විශේෂාංග සපයා දෙනු ඇත. මෙම වසර අවසානයේදී මෙම විශේෂාංග යෙදුම කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා වැඩි කළමනාකරණ අවස්ථා හඳුන්වා දීමට නියමිතය.


Business Inbox සහ Commercial Account යන විශේෂාංග සමඟින් Viber ව්යාපාරයක් සමඟ සම්බන්ධ වීමේදී පරිශීලක ආරක්ෂාව සහ විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමට අරමුණු කර ඇත. සන්නාමවලින් ලැබෙන සියලුම ව්යාපාරික පණිවිඩ Business Inbox වෙත යොමුවන අතර, එය ව්යාපාරයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කරන පුද්ගලික ගිණුම් සඳහා ප්රවේශ වීමට ඉඩ ලබා නොදෙනු ඇත. මෙහි ඇති වටිනා එකතු කිරීමක් වන්නේ පරිශීලකයින් හට තහවුරු කරන ලද වෙළඳ නාම හඳුනා ගැනීමට උපකාර වන ‘නිල් පැහැති ටික් සලකුණය’. Commercial Accounts සඳහා වන සියලුම ව්යාපාරික තොරතුරු එක තැනක ප්රදර්ශනය කරනු ඇත.


” Viber හි මීළඟ ඉදිරි පියවර වන්නේ මෙම සන්ධිස්ථානය නැවත යාවත්කාලීන කරමින් සියලුම සන්නාම-පරිශීලක සන්නිවේදන ක්රියා සහ අන්තර් සබඳතාවයන් පහසු එක්-නැවතුම් පොළක් ලෙස ක්‍රියා කරන සුපිරි යෙදුමක් නිර්මාණය කිරීමයි. පරිශීලකයා හට විශේෂාංග යෙදුමේ ඇති වටිනාකම වැඩි කිරීමට සහ වෙළඳ නාමවලට ඔවුන්ගේ ප්රේක්ෂකයින් සමඟ සම්බන්ධ විය හැකි අවස්ථා පුළුල් කිරීම යන ගුණාත්මක දෑ අපි හඳුන්වා දෙන අනෙක් සුපිරි යෙදුම් විශේෂාංග සඳහා පාදක කර ගන්නවා” යැයි මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් Rakuten Viber හි ප්රධාන විධායක නිලධාරී ඔෆීර් ඉයාල් පැවසීය.


මෙම විශේෂාංග දෙක 2023 ජනවාරි 23 සිට ගෝලීය වශයෙන් ලබා ගත හැකිය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...