තව මොනවටද ඒ ගැන අටුවා ටීකා – ඔබ මතු කළා සිනමාවෙහි රන් රේඛා

407

කාටත් පුරුදු නිවසෙහි ඩික්මන් පාරේ
ඉදහිට වගෙ දිනක අප හමුවුණු වාරේ
ගැලුවෙම කතාවෙදි සිනමාවයි දෝරේ
වැහිලා අද එහෙව් මහ සිනමාගාරේ

ඔබ නැති බැවින් හද තුළ උපදියි සෝකා
සිහිවෙයි රිදී තිරයෙහි කළ වැඩ නේකා
තව මොනවටද ඒ ගැන අටුවා ටීකා
ඔබ මතු කළා සිනමාවෙහි රන් රේඛා

රට ඔබලාට සලකපු හැටි ගැන ඔඩ්ය
ඒ හැම දරාගෙන ඔබ අද දින ඩෙඩ්ය
ඉන්ඩ්‍රස්ටියට කළ දෑ අන්ලිමිටඩ්ය
ඔබ පිළිබඳව මතකය අන්එඩිටඩ්ය

වැසුණේ මෙලෙස සිනමාවේ කවි පොතය
මගෙ මේ කවි කුසුම ඒ කිවිඳිය වෙතය
පියවුණෙ ඇගෙ නෙතය රිඳුණේ අපෙ හිතය
මේ අප රිදී සිනමාවේ රන් කතය

ප්‍රියන්ත කොඩිප්පිලි