තව මොනවටද ඒ ගැන අටුවා ටීකා – ඔබ මතු කළා සිනමාවෙහි රන් රේඛා

Share post:

කාටත් පුරුදු නිවසෙහි ඩික්මන් පාරේ
ඉදහිට වගෙ දිනක අප හමුවුණු වාරේ
ගැලුවෙම කතාවෙදි සිනමාවයි දෝරේ
වැහිලා අද එහෙව් මහ සිනමාගාරේ

ඔබ නැති බැවින් හද තුළ උපදියි සෝකා
සිහිවෙයි රිදී තිරයෙහි කළ වැඩ නේකා
තව මොනවටද ඒ ගැන අටුවා ටීකා
ඔබ මතු කළා සිනමාවෙහි රන් රේඛා

රට ඔබලාට සලකපු හැටි ගැන ඔඩ්ය
ඒ හැම දරාගෙන ඔබ අද දින ඩෙඩ්ය
ඉන්ඩ්‍රස්ටියට කළ දෑ අන්ලිමිටඩ්ය
ඔබ පිළිබඳව මතකය අන්එඩිටඩ්ය

වැසුණේ මෙලෙස සිනමාවේ කවි පොතය
මගෙ මේ කවි කුසුම ඒ කිවිඳිය වෙතය
පියවුණෙ ඇගෙ නෙතය රිඳුණේ අපෙ හිතය
මේ අප රිදී සිනමාවේ රන් කතය

ප්‍රියන්ත කොඩිප්පිලි

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...