චීනයේ කොවිඩ් දත්ත ගැන සැකයක්..!

Share post:

චීනය නිකුත් කරන කොවිඩ් දත්ත සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තවදුරටත් සැක මතුවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ සෞඛ්‍ය අංශ පසුගිය ජනවාරි 14 වැනිදා නිවේදනය කළේ, දෙසැම්බර් 8 වන දින COVID-19 සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව, ජනවාරි 12 වන විට රෝහල්වල COVID-ආශ්‍රිත මරණ 59,938 ක් වාර්තා කළ බවයි.

එහෙත් පසුගිය සති කිහිපය තුළ එරට වෛද්‍ය කටයුතු සහ අවමංගල්‍ය කටයුතු වල ක්‍රියාකාරීත්වය පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී ඒ සම්බන්ධයෙන් සැක පහළ වන බවත් එය වෙනත් රටවල මරණ අනුපාතිකය සමඟ ද නොගැළපෙන බව සඳහන් වේ.

John Hopkins විශ්වවිද්‍යාලයේ කොවිඩ් තොරතුරු මධ්‍යස්ථානයට අනුව, අමෙරිකාව තුල පුද්ගලයන් 100,000කට මරණ අනුපාතය 334 ක් පමණ වන අතර අතර ජපානය තුල පුද්ගලයන් 100,000 මරණ අනුපාතය 50 ක් පමණ වේ.

බිලියන 1.4 ක් වන චීනයේ ජනගහනයෙන් මිලියන 900 ක් පමණ දැනටමත් COVID-19 ආසාදනය වී ඇති බවත් ඒ අනුව මරණ සංඛ්‍යාව ඔවුන් පවසන ප්‍රමාණය මෙන් දස ගුණයකින් වැඩි විය හැකි බවට ගණනය කළ හැකි බව එම තොරුතුරු මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

එමෙන්ම සෞඛ්‍ය දත්ත නිකුත් කරන බ්‍රිතාන්‍ය ආයතනයක වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය තුළ මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවී ඇති පුද්ගල මරණ 584,000ස ඉක්මවා ගොස් තිබිය හැකි බවය.

එමෙන්ම එළඹෙන අප්‍රේල් මාසය අවසන් වනවිට චීනයේ කොවිඩ් මරණ මිලියන 1.7 ක් පමණ වනු ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේවෙතත් රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු හුවමාරු කරගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අදානොම්, පසුගියදා චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ අධ්‍යක්ෂ අමාත්‍ය මා ෂියෝවෙයි හමුවේ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව රෝහල්ගතවී සිටින කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව, හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව, බරපතළ තත්ත්වයේ පසුවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ කොවිඩ් මරණ පිළිබඳ තොරතුරු හා දත්ත වාර්තා චීන සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

තොරතුරු මූලාශ්‍ර – globalvoices.org / CNN

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...