චීනයේ කොවිඩ් දත්ත ගැන සැකයක්..!

Share post:

චීනය නිකුත් කරන කොවිඩ් දත්ත සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තවදුරටත් සැක මතුවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ සෞඛ්‍ය අංශ පසුගිය ජනවාරි 14 වැනිදා නිවේදනය කළේ, දෙසැම්බර් 8 වන දින COVID-19 සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව, ජනවාරි 12 වන විට රෝහල්වල COVID-ආශ්‍රිත මරණ 59,938 ක් වාර්තා කළ බවයි.

එහෙත් පසුගිය සති කිහිපය තුළ එරට වෛද්‍ය කටයුතු සහ අවමංගල්‍ය කටයුතු වල ක්‍රියාකාරීත්වය පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී ඒ සම්බන්ධයෙන් සැක පහළ වන බවත් එය වෙනත් රටවල මරණ අනුපාතිකය සමඟ ද නොගැළපෙන බව සඳහන් වේ.

John Hopkins විශ්වවිද්‍යාලයේ කොවිඩ් තොරතුරු මධ්‍යස්ථානයට අනුව, අමෙරිකාව තුල පුද්ගලයන් 100,000කට මරණ අනුපාතය 334 ක් පමණ වන අතර අතර ජපානය තුල පුද්ගලයන් 100,000 මරණ අනුපාතය 50 ක් පමණ වේ.

බිලියන 1.4 ක් වන චීනයේ ජනගහනයෙන් මිලියන 900 ක් පමණ දැනටමත් COVID-19 ආසාදනය වී ඇති බවත් ඒ අනුව මරණ සංඛ්‍යාව ඔවුන් පවසන ප්‍රමාණය මෙන් දස ගුණයකින් වැඩි විය හැකි බවට ගණනය කළ හැකි බව එම තොරුතුරු මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

එමෙන්ම සෞඛ්‍ය දත්ත නිකුත් කරන බ්‍රිතාන්‍ය ආයතනයක වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය තුළ මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවී ඇති පුද්ගල මරණ 584,000ස ඉක්මවා ගොස් තිබිය හැකි බවය.

එමෙන්ම එළඹෙන අප්‍රේල් මාසය අවසන් වනවිට චීනයේ කොවිඩ් මරණ මිලියන 1.7 ක් පමණ වනු ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේවෙතත් රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු හුවමාරු කරගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අදානොම්, පසුගියදා චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ අධ්‍යක්ෂ අමාත්‍ය මා ෂියෝවෙයි හමුවේ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව රෝහල්ගතවී සිටින කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව, හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව, බරපතළ තත්ත්වයේ පසුවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ කොවිඩ් මරණ පිළිබඳ තොරතුරු හා දත්ත වාර්තා චීන සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

තොරතුරු මූලාශ්‍ර – globalvoices.org / CNN

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...