ශ්‍රී ලාංකික සිනමාවේ සුවිශිෂ්ට කාන්තා සලකුණ සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

Share post:

හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 88 වැනි (1934 – 2023 ) වියේ පසු වූ ඇය මෙරට ප්‍රථම වෘත්තාන්ත සිනමාවේ සංස්කරණ ශිල්පිනිය වන අතර සිව්වැනි සිනමා අධ්‍යක්ෂිකාව ද වෙයි.

ඇය විසින් ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා නුඹ හින්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, වෛශ්නාවී යන චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබේ.

හොඳ ම සංස්කරණ ශිල්පිනිය ලෙස සහ හොඳ චිත්‍රපට අධ්‍යක්ෂණයට සරසවිය සම්මාන, ජනාධිපති සම්මාන, ඕසීඅයිසී සම්මාන ඇතුළු සම්මාන රාශියකින් ද ඇය පිදුම් ලබා ඇත.

වර්ණ ඡායාරූපය ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...