ශ්‍රී ලාංකික සිනමාවේ සුවිශිෂ්ට කාන්තා සලකුණ සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

Share post:

හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 88 වැනි (1934 – 2023 ) වියේ පසු වූ ඇය මෙරට ප්‍රථම වෘත්තාන්ත සිනමාවේ සංස්කරණ ශිල්පිනිය වන අතර සිව්වැනි සිනමා අධ්‍යක්ෂිකාව ද වෙයි.

ඇය විසින් ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා නුඹ හින්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, වෛශ්නාවී යන චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබේ.

හොඳ ම සංස්කරණ ශිල්පිනිය ලෙස සහ හොඳ චිත්‍රපට අධ්‍යක්ෂණයට සරසවිය සම්මාන, ජනාධිපති සම්මාන, ඕසීඅයිසී සම්මාන ඇතුළු සම්මාන රාශියකින් ද ඇය පිදුම් ලබා ඇත.

වර්ණ ඡායාරූපය ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...