සල්ලි නැති නිසා ඡන්දෙට තෙල් දෙන්න බෑ – සංස්ථාව : අලුත් ඇමතිවරුන් දෙකක් : කාර්යක්ෂම අමාත්‍යංශය ටිරාන්ගේ පොලිසිය !

Share post:

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනීසිටින අපේක්ෂකයන්ගේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉල්ලීම් ලැබුණත්, ඊට අනුමැතිය ලබාදිය නොහැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඊයේ (18) පස්වරුවේ එම සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ සඳහන් කළේය.

‘මේ සාකච්ඡාවේදි ඒගොල්ලො ඉල්ලීම් කළා, අපේක්ෂකයන්ගෙ ඉන්ධන කෝටාව වැඩි කරන්න. ඒත් අපිට ඒක කරන්න අමාරුයි. ඉන්ධන මිලදීගන්න ඩොලර් අවශ්‍යයි. ඒකට අවශ්‍ය රුපියල් ප්‍රමාණය අපි ළඟ නෑ. මේ වෙනකොට තෙල් ඉල්ලුම සියයට 40කින් විතර දු වෙලා තියෙනවා.ඒ ඉල්ලුමට සරිලන මුදල් විතරයි අපි අමාරුවෙන් හොයාගන්නෙ. නැවත මේක වැඩි කරන්න දැනට බෑ. එම නිසා මැතිවරණය සඳහා අවශ්‍ය ඉන්ධන පවතින ප්‍රමාණයෙන් ම සපුරාගන්න වෙනවා.’

අලුත් ඇමති දෙකක්

මේ අතර අද (19) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ නව කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙන ලදි. ඒ, පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් ය.

මහින්ද අමරවීර තමන් දරන ලද වනජීවී සහ වන සම්පත් ඇමති ධුරයෙන් සහ කෙහෙළිය රඹුක්වැල්ල තමන් දරන ලද ජාල සම්පාදන ඇමති ධුරයෙන් අද ඉවත් වී තිබේ. මෙම ඇමති ධුර දෙක පවිත්‍රා සහ ජීවන් යන නව ඇමතිවරුන්ට හිමිවීමට නියමිත ය. ඒ අනුව ඉදිරියේදී මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යංශයේ පමණක් සහ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යංශයේ පමණක් කටයුතු කරනු ඇත.

කාර්යක්ෂම කවුද?

ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම නව ඇමතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ. එහිදී ඔහු අමාත්‍යංශ කාර්යසාධන වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිත බවත්, පොලිස් විෂය බාර මහජන සාමය අමාත්‍යංශය කාර්යක්ෂම අමාත්‍යංශය ලෙසත්, බලශක්ති අමාත්‍යංශය දෙවැනි කාර්යක්ෂම අමාත්‍යංශය ලෙසත් හඳුන්වා දීමට ද නියමිත බව එම පාර්ශ්වයෙන් වාර්තා වේ.

ක්‍රීඩා, වැවිලි කර්මාන්ත සහ පරිසර විෂය බාර ඇමතිවරුන් ද ඉදිරියේදී වෙනස්වීමට නියමිත ය. එසේ ම මෙම අමාත්‍යංශ සඳහා සැලකිය යුතු වෙනස්කම් සහිත නව විෂයයන් ගැසට් කිරීමට ද නියමිත බව වාර්තා වන අතර, එම සියලු කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ වජිර අබේවර්ධන ඇමතිවරයා විසින් බව ද ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...