සල්ලි නැති නිසා ඡන්දෙට තෙල් දෙන්න බෑ – සංස්ථාව : අලුත් ඇමතිවරුන් දෙකක් : කාර්යක්ෂම අමාත්‍යංශය ටිරාන්ගේ පොලිසිය !

Share post:

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනීසිටින අපේක්ෂකයන්ගේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉල්ලීම් ලැබුණත්, ඊට අනුමැතිය ලබාදිය නොහැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඊයේ (18) පස්වරුවේ එම සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ සඳහන් කළේය.

‘මේ සාකච්ඡාවේදි ඒගොල්ලො ඉල්ලීම් කළා, අපේක්ෂකයන්ගෙ ඉන්ධන කෝටාව වැඩි කරන්න. ඒත් අපිට ඒක කරන්න අමාරුයි. ඉන්ධන මිලදීගන්න ඩොලර් අවශ්‍යයි. ඒකට අවශ්‍ය රුපියල් ප්‍රමාණය අපි ළඟ නෑ. මේ වෙනකොට තෙල් ඉල්ලුම සියයට 40කින් විතර දු වෙලා තියෙනවා.ඒ ඉල්ලුමට සරිලන මුදල් විතරයි අපි අමාරුවෙන් හොයාගන්නෙ. නැවත මේක වැඩි කරන්න දැනට බෑ. එම නිසා මැතිවරණය සඳහා අවශ්‍ය ඉන්ධන පවතින ප්‍රමාණයෙන් ම සපුරාගන්න වෙනවා.’

අලුත් ඇමති දෙකක්

මේ අතර අද (19) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ නව කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙන ලදි. ඒ, පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් ය.

මහින්ද අමරවීර තමන් දරන ලද වනජීවී සහ වන සම්පත් ඇමති ධුරයෙන් සහ කෙහෙළිය රඹුක්වැල්ල තමන් දරන ලද ජාල සම්පාදන ඇමති ධුරයෙන් අද ඉවත් වී තිබේ. මෙම ඇමති ධුර දෙක පවිත්‍රා සහ ජීවන් යන නව ඇමතිවරුන්ට හිමිවීමට නියමිත ය. ඒ අනුව ඉදිරියේදී මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යංශයේ පමණක් සහ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යංශයේ පමණක් කටයුතු කරනු ඇත.

කාර්යක්ෂම කවුද?

ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම නව ඇමතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ. එහිදී ඔහු අමාත්‍යංශ කාර්යසාධන වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිත බවත්, පොලිස් විෂය බාර මහජන සාමය අමාත්‍යංශය කාර්යක්ෂම අමාත්‍යංශය ලෙසත්, බලශක්ති අමාත්‍යංශය දෙවැනි කාර්යක්ෂම අමාත්‍යංශය ලෙසත් හඳුන්වා දීමට ද නියමිත බව එම පාර්ශ්වයෙන් වාර්තා වේ.

ක්‍රීඩා, වැවිලි කර්මාන්ත සහ පරිසර විෂය බාර ඇමතිවරුන් ද ඉදිරියේදී වෙනස්වීමට නියමිත ය. එසේ ම මෙම අමාත්‍යංශ සඳහා සැලකිය යුතු වෙනස්කම් සහිත නව විෂයයන් ගැසට් කිරීමට ද නියමිත බව වාර්තා වන අතර, එම සියලු කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ වජිර අබේවර්ධන ඇමතිවරයා විසින් බව ද ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...