චීන ජනාධිපතිගෙන් විශේෂ පණිවුඩයක් : ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම් දෙකක් !

Share post:

චීන ජනාධිපති ෂි ජින්පින්ගේ (Xi Jinping) විශේෂ පණිවුඩයක් රැගෙන මෙරටට පැමිණි චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම මෙරටින් පිටත්විමත් සමග, ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් සමග විශේෂ අවබෝධතා ගිවිසුම් 02ක් අත්සන් කිරීමට නියමිත ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති චෙන් ෂූ (Chen Zhou) ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් ඊයේ (14) මෙරටට පැමිණියහ. ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට මූල්‍ය බලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත ය. ඊට අමතරව මෙම පිරිස චීන ආධාර මත ක්‍රියාත්මක මෙරට සංවර්ධන ව්‍යාපෘති කිහිපයක සංචාරය කිරීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් thetime.lk වෙත පැවසීය.

ලබන 18දා මෙම පිරිස ලංකාවෙන් පිටත්ව යෑමට නියමිත ය. ඉන්පසු 19දා ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට සැලසුම් කර තිබේ. එම සංචාරයේදී ත්‍රීකුණාමලය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමකට සහ ඉන්දියාව සමග ඒකාබද්ධ බලශක්ති හුවමාරු ව්‍යාපෘතියකට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් ඊයේ (14) වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් පළකර තිබිණි. එහෙත් එහිදී ජනාධිපතිවරයා අදාළ ගිවිව්සුම්වලදී අවධානය යොමුකරන කොටස් හෝ ඒවායේ අන්තර්ගතය පිළිබඳ නිශ්චිත අදහසක් පළකර තිබුණේ නැත.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...