චීන ජනාධිපතිගෙන් විශේෂ පණිවුඩයක් : ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම් දෙකක් !

Share post:

චීන ජනාධිපති ෂි ජින්පින්ගේ (Xi Jinping) විශේෂ පණිවුඩයක් රැගෙන මෙරටට පැමිණි චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම මෙරටින් පිටත්විමත් සමග, ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් සමග විශේෂ අවබෝධතා ගිවිසුම් 02ක් අත්සන් කිරීමට නියමිත ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති චෙන් ෂූ (Chen Zhou) ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් ඊයේ (14) මෙරටට පැමිණියහ. ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට මූල්‍ය බලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත ය. ඊට අමතරව මෙම පිරිස චීන ආධාර මත ක්‍රියාත්මක මෙරට සංවර්ධන ව්‍යාපෘති කිහිපයක සංචාරය කිරීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් thetime.lk වෙත පැවසීය.

ලබන 18දා මෙම පිරිස ලංකාවෙන් පිටත්ව යෑමට නියමිත ය. ඉන්පසු 19දා ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට සැලසුම් කර තිබේ. එම සංචාරයේදී ත්‍රීකුණාමලය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමකට සහ ඉන්දියාව සමග ඒකාබද්ධ බලශක්ති හුවමාරු ව්‍යාපෘතියකට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් ඊයේ (14) වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් පළකර තිබිණි. එහෙත් එහිදී ජනාධිපතිවරයා අදාළ ගිවිව්සුම්වලදී අවධානය යොමුකරන කොටස් හෝ ඒවායේ අන්තර්ගතය පිළිබඳ නිශ්චිත අදහසක් පළකර තිබුණේ නැත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...