ඉන්දියන් ණයවලින් උතුරු දුම්රිය මග අලුත් වෙයි!

Share post:

මහව සිට ඕමන්තෙයි දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ව්‍යාපෘතිය ආරම්භ කිරිීමේ උත්සවය පසුගියදා අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බාග්ලේගේ සහභාගිත්වයෙන් පසුගිය දා (08) පැවැත්විණි.

මෙහි මූලික අදියරේ කටයුතු මැදවච්චිය දුම්රිය ස්ථානයේ සිට ඇරඹීමට නියමිතව තිබේ. මෙහි කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඉන්දියානු පුද්ගලික සමාගමකට වන අතර, ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 91ක මුදලක් මේ සඳහා වැයකිරීමට අපේක්ෂිත ය.

මේ දක්වා අවස්ථා පහකදී ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධති සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා මුදලක් වැය කර ඇති බවත්, දුම්රිය මාධ්‍යයෙන් භාණ්ඩ ප්‍රවාහනය සහ මගීන් වැඩි පිරිසකට ප්‍රවාහන පහසුකම් ලබාදීම වෙනුවෙන් ලංකාවේ දුමිරිය පද්ධතිය නවීකරණය කිරීමට ඉන්දියාව සහය ලබාදීම සිදුකරන බව ඉන්දීය මහකොමසාරිස්වරයා සඳහන් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමට බලාපොරොත්තුවන අතර, කන්කසන්තුරය දක්වාවන දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීම සිදුවනු ඇත. ඒ අනුව ඉන්දියාව සහ ලංකාව අතර වන්දනා සහ ව්‍යාපාර සඳහා ගමනාගමනය සිදුකරන පිරිස් සඳහා වඩාත් පහසුකම් සැපයීම මෙහි අරමුණවී තිබේ.

යාපනය – චෙන්නායි මගී නැව් සේවාවක්!

මින් පෙර ශ්‍රී ලංකා රජය විසින් යාපනය කන්කසන්තුරේ වරාය සහ ඉන්දියාවේ චෙන්නායි පොඩිච්චේරි වරාය අතර මගී නැව් සේවාවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව පසුගිය දෙසැම්බර් මාසයේ වාර්තා විය. ඒ අනුව අඩු මුදලකට පැය තුනක වැනි කාලයක් ඇතුලත චෙන්නායි සහ යාපනය අතර ගමන් කිරීමට සහ භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් සැපයීම මෙහි අරමුණ බවද සඳහන් විය.

ඒ සඳහා කන්කසන්තුරේ වරායේ අවශ්‍ය පහසුකම් සකස් කිරීම සහ රේගු සේවා ස්ථාපිත කිරීමට දැනටමත් කටයුතු සකස් කරමින් පවතින බව දැනගන්නට ලැබේ. උතුරු දුම්රිය මාර්ග සංවර්ධනය හරහා ද පෙරකී මගී නැව් සේවාවට පහසුකම් සැපයීම සිදුවනු ඇත.

යාපනය – චෙන්නායි ගුවන් ගමන් ඇරඹේ!

එසේම පසුගිය මාසයේ සිට නැවත වතාවක් යාපනය, පලාලි ගුවන් තොටුපල සහ ඉන්දියාවේ, චෙන්නායි ගුවන් තොටපුල අතර ගුවන් ගමන් ආරම්භවූ අතර, අඩු පිරිවැයක් යටතේ දෙරට අතර ගුවනින් සංචාරය කිරීමට මගීන්ට ඒ නිසා අවස්ථාව ලැබෙනු ඇත.

සබැඳි පුවත්

ඉන්දියාවෙන් ලංකාවේ පොලීසියට ජීප් 125 ක්!

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...