ඉන්දියාවෙන් ලංකාවේ පොලීසියට ජීප් 125 ක්!

Share post:

ඉන්දියාවේ මහේන්ද්‍රා සමාගම විසින් නිෂ්පාදිත ජීප් රථ 125ක් පසුගිය දා පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රදානය කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත මෙම ජීප් රථ තිළිණ කිරීම සිදුකරන ලදි.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි සහ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ද සහභාගීවූහ. ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවෙත ලබාදීමට නියමිත වාහන සංචිතයෙන් මුල් කොටස ලෙස මෙම වාහන 125 ලබාදුන් අතර එම වැඩසටහන යටතේ වාහන 500ක් ලබාදීමට නියමිතව තිබේ. මෙම වාහන අදාල ආයතනවලට ගැලපෙන ධාරිතාව සහ වර්ණයන්ගෙන් සමන්විතව ප්‍රදානය කර තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරේ ද්වීපාර්ශවීය සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් සහ ‘අසල්වැසියාට මුල්තැන’ යන ඉන්දියානු රජයේ ප්‍රතිපත්තිය අනුව යමින් මෙම ප්‍රදානයන් සිදුකර ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීමට ජනතාවට අවශ්‍ය සහය නිබඳවම ලබාදීමට ඉන්දියානු රජය කටයුතු කරන බවත්, ඒ යටතේ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්, දුම්රිය, ආරක්ෂක සේවා, පුනර්ජනනීය බලශක්තිය වර්ධනය වෙනුවෙන් මෙන්ම ඉන්ධන සහ පොහොර ලබාදීමේ වැඩ පිළිවෙලක්ද පසුගිය මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක විය.

එසේම ඉන්දියානු රජය මගින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඇතුළු උපකරණ ලබාදීම සඳහා මේ වනවිටත් ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් වැයකර ඇති බව වාර්ත වේ.

ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබාදුන් ජීප් රථ

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...