ඉන්දියාවෙන් ලංකාවේ පොලීසියට ජීප් 125 ක්!

Share post:

ඉන්දියාවේ මහේන්ද්‍රා සමාගම විසින් නිෂ්පාදිත ජීප් රථ 125ක් පසුගිය දා පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රදානය කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත මෙම ජීප් රථ තිළිණ කිරීම සිදුකරන ලදි.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි සහ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ද සහභාගීවූහ. ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවෙත ලබාදීමට නියමිත වාහන සංචිතයෙන් මුල් කොටස ලෙස මෙම වාහන 125 ලබාදුන් අතර එම වැඩසටහන යටතේ වාහන 500ක් ලබාදීමට නියමිතව තිබේ. මෙම වාහන අදාල ආයතනවලට ගැලපෙන ධාරිතාව සහ වර්ණයන්ගෙන් සමන්විතව ප්‍රදානය කර තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරේ ද්වීපාර්ශවීය සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් සහ ‘අසල්වැසියාට මුල්තැන’ යන ඉන්දියානු රජයේ ප්‍රතිපත්තිය අනුව යමින් මෙම ප්‍රදානයන් සිදුකර ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීමට ජනතාවට අවශ්‍ය සහය නිබඳවම ලබාදීමට ඉන්දියානු රජය කටයුතු කරන බවත්, ඒ යටතේ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්, දුම්රිය, ආරක්ෂක සේවා, පුනර්ජනනීය බලශක්තිය වර්ධනය වෙනුවෙන් මෙන්ම ඉන්ධන සහ පොහොර ලබාදීමේ වැඩ පිළිවෙලක්ද පසුගිය මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක විය.

එසේම ඉන්දියානු රජය මගින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඇතුළු උපකරණ ලබාදීම සඳහා මේ වනවිටත් ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් වැයකර ඇති බව වාර්ත වේ.

ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබාදුන් ජීප් රථ

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...