ශ්‍රී ලංකා – ඉන්දියා පළමු එක්දින තරගය අද ගුවාටි හිදී

Share post:

සංචාරක ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු එක්දින තරගය ගුවාටි බාසපරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් වරට 2017 වසරේ දී ඉන්දියාවේදී එක්දින තරගාවලියකට සහභාගී වූ අතර, එම තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කළේය.

එම තරගාවලියේ පළමු තරගය ධර්මශාලා හිදී පැවැති අතර එයින් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

එහෙත් මොහාලී හි පැවති දෙවැනි එක්දින තරගය ලකුණු 141කින් හා විශාඛාපට්නම් හි පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 8කින් ඉන්දියාව ජයග්‍රහණය කළේය.

මේ වසර ඔක්තෝම්බර් මස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත හොත් එම තරගාවලියට පෙර ඉන්දීය තණතීරු මත ලබා ගන්නා මෙම තරග අත්දැකීම ඉතා වැදගත් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවැනි සහ අවසන් එක්දින තරගය ජනවාරි 12 සහ 15 දිනවල පිළිවෙළින් කල්කටා හා ත්‍රිවේන්ද්‍රම් හිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය 2 – 1ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...