ශ්‍රී ලංකා – ඉන්දියා පළමු එක්දින තරගය අද ගුවාටි හිදී

Share post:

සංචාරක ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු එක්දින තරගය ගුවාටි බාසපරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් වරට 2017 වසරේ දී ඉන්දියාවේදී එක්දින තරගාවලියකට සහභාගී වූ අතර, එම තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කළේය.

එම තරගාවලියේ පළමු තරගය ධර්මශාලා හිදී පැවැති අතර එයින් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

එහෙත් මොහාලී හි පැවති දෙවැනි එක්දින තරගය ලකුණු 141කින් හා විශාඛාපට්නම් හි පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 8කින් ඉන්දියාව ජයග්‍රහණය කළේය.

මේ වසර ඔක්තෝම්බර් මස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත හොත් එම තරගාවලියට පෙර ඉන්දීය තණතීරු මත ලබා ගන්නා මෙම තරග අත්දැකීම ඉතා වැදගත් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවැනි සහ අවසන් එක්දින තරගය ජනවාරි 12 සහ 15 දිනවල පිළිවෙළින් කල්කටා හා ත්‍රිවේන්ද්‍රම් හිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය 2 – 1ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...