අමන දනන්ගේ කශේරුකා වත සහ ඩයෝජීනීස්ගේ කශේරුකාව

Share post:

බලවතුන් යයි කියාගන්නා හිස් මිනිසුන් සහ කපටි දේශපාලඥයින් ඉදිරියේ නිවට නියාලු ලෙස තම ආත්මය පාවා දෙන උගතුන්, බුද්ධිමතුන් යයි තමන්ම කියා ගන්නා අවස්ථාවාදීන් ඉන්න සමාජ වටපිටාවක මහා බලවතුන් ඉදිරියේදී කොන්ද නොනැමූ ඩයෝජීනීස් නම් දාර්ශනිකයා..

දාර්ශනිකයින් සහ දාර්ශනික පසුබිමක් නැති අප සමාජය තුළ, දාර්ශනික පොතක් දෙකක් කියවා තමන් මාර දාර්ශනිකයෙක්, උගතෙක්, බුද්ධිමතෙක් යයි කියා සාමාන්‍ය මිනිසුන්ව ඉතාමත්ම නින්දිත ලෙස පහත්කොට, තමන් මාරම පොරක් යයි සිතා, සියළුම අමන වැඩ කරමින්, සමාජය පීඩාවට සහ අගාධයකට ඇද දමන කපටි දේශපාලකයින්ට ප්‍රශස්ති ගීත ගායනා කරමින් තමන්ගේ පැවැත්ම ගොඩනගා ගන්නට මාන බලන නරුමයින් ඉන්න සමාජ වටපිටාවක අපි ඉතාමත් අවාසනාවන්ත ලෙස ජීවත් වෙමු.

රටක් සමාජයක් අගාධයෙනුත් අගාධයට ඇද දමා මිනිසුන්ගේ ජීවිත අඳුරට ඇද දැමු අමන පාලකයින් නැවතත් බැටළු හම් පොරවාගෙන ව්‍යාජ සිනාවන් පාමින් ඔබගේ දෙපා ළඟ දවටෙවී. ඉතිං, බැටළු වෙසින් එන වෘකයින් හඳුනා ගන්න තරම් ඔබ බුද්ධිමත් වන්න.

ඩයෝජීනීස් කියන්නේ ග්‍රීසියේ විසූ කීර්තිමත් දාර්ශනිකයෙකි. ඔහු සියළුම භෞතික දේවල් අතහැර තම පරිහරණයට පුංචි මැටි බඳුනක් පමණක් තබාගෙන බිම් හලක විසිකරල දැමූ හිස් පීප්පයක් තුළ ජීවත් වූහ. ඩයෝජීනීස් බලවතුන් කියාගන්නා කිසිම කෙනෙක්ව තඹ දොයිතුවකට ගණන් ගත්තේවත්, මායිම් කලේ වත් නැත.
මහා ඇලෙක්සැන්ඩර් රජු කියන්නේ යුරෝපය දික්විජය කල මහා බලවතෙකු මෙන්ම රණ ශුරයෙකි. ඔහු ශිල්ප ශාස්ත්‍රය හැදෑරුවේ ඇරිස්ටෝටල් නම් දාර්ශනිකයා යටතේ අතර, ඇලෙක්සැන්ඩර් රජු උගත්, බුද්ධිමත් මිනිසුන්ට මහත්සේ ගෞරවය දැක්වූයේය.

දිනක් කොරෝන්තියාව අත්පත් කරගෙන ප්‍රථම නිල චාරිකාවේදී ඔහුට හමුවීමට අවශ්‍ය වූයේ මහා බලවතුන්ව නොව, පීප්පයක් තුළ ජීවත් වෙන ඩයෝජීනීස් නම් දාර්ශනිකයාවයි. ඇලෙක්සැන්ඩර් රජු ඩයෝජීනීස් සිටින පීප්පය ලඟට ගිය විට, ඩයෝජීනීස් රජු දෙස බැලුවේ වත්, නැගිට්ටේවත් නැත. ඇලෙක්සැන්ඩර් රජු ටික වෙලාවක් ඩයෝජීන්ස් දෙස බලා සිට “ඩයෝජීන්ස් ඔබ‍ට මගෙන් ඉටුවිය යුතු දෙයක් තියෙනවාද ” කියා ඉතාමත්ම ගරුසරු ලෙස ඇසු විට, ඩයෝජීනීස් කියා සිටියේ “ඔව් ඔබ මට වැටෙන හිරු එළියට බාදා කරනවා ඒ නිසා පැත්තකට වී සිටින්න ” යනුවෙනි. රජු ඉතාමත්ම ගරු සරුව එතනින් ඉවත් වූ විට, එතන සිටි සොල්දාදුවන් සහ අනෙකුත් බලවතුන් පුදුම විය.

ඇලෙක්සැන්ඩර් රජු හා ඩයෝජීනීස්ගේ මේ හමුවීමේ පුරාවෘත්තය ලෝක ඉතිහාසයයට එකතු වුනේ එලෙසිනි.
අපේ රටේ සිටින උගතුන්, බුද්ධිමතුන්, දාර්ශනිකයින් කියාගන්නා දේශපාලකයින්ට වන්දිභට්ටකම් කරන නිවටුන්ට ඩයෝජීනීස්ගේ හිරු එළිය කිසිමදාක නොවැටෙන බව ඉරහඳ මෙන් විස්වාසයි වගේම, අපේ රටේ සියළුම පුරවැසියන්ට ඩයෝජීනීස්ගේ හිරු එළිය වැටෙවා කියයි මගේ ප්‍රාර්ථනාව.
ආමේන්

සාලිය ඉඳුරුවිතාන

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...